"ජිමින්"
එක් වරම යම් අයෙක් තමාට තදින් ආමන්ත්‍රණය කරද්දී ගැස්සී ගිය ජිමින් ජන්කුක් ගෙ තුරුලෙන් මිදී හැරී බලන විට දුටුවෙ ඔහු දෙස ඉහළ වහා ගිය කෝපයෙන් යුතුව බලා සිටින ඔහුගෙ මැණියන්. එක් වරම බියට පත්ව සැලෙන හදවතන් නැගී සිටි ජිමින් ඈ දෙස බියපත් බැල්මෙන් බලා බිම බලා ගනිද්දී ජන්කුක් ඔහුගෙ පසෙකින් සිට ගත්තා."මෑ...ණි..යනි..." ජිමින් බියපත්ව කෙදිරුවෙ ගොත ගසමින්.
"මා පැවසුවා.. මෘගයා.. ඔබට මගේ පුතුව හමුවන්නට එපා කියලා... කුමකටද මෙහි ආවෙ ආ... ඔබ මහා මෘගයෙක් ජන්කුක්..."
ජන්කුක් අසලට ජිමින්ව නොසලකා හරිමින් ආ ජිමින්ගෙ මව තමාව වැලකීමට තැත් කරන ජිමින් ව නොසලකා හැර අත දිගු කොට ජන්කුක් ගෙ කම්මුල හරහා පහරක් ගසද්දී ජන්කුක් තම කම්මුළ අල්වා ගෙන බිම බලා ගත්තෙ ජිමින් සිය මෑණියන්ට නවත්වන්න කියා කෑ ගසද්දී..
"කුමක් ද ඔබට අවශ්‍ය ජන්කුක්? ඇයි අපට නිදහසෙ දිවි ගෙවීමට ඉඩ නොදෙන්නෙ... ආ... අපි ජිමින්ට සුන්දර ස්ත්‍රියක් යෝජනා කොට තිබෙන්නේ... තවත් මන්ද ඔබ ජිමින් පසු පසම පැමිණෙන්නෙ ජන්කුක්..."
ජිමින්ගෙ මව කෝපයෙන් කෑ ගසද්දී කිසිවක් නොකී ජන්කුක් බිම බලාගෙන හඩන ජිමින්ගෙ දෑතින් අල්ලා ගනිද්දී ජිමින් ජන්කුක්ගෙ ගෙ එක් ඇගිල්ලකින් ඔහුගෙ අත ඔසවා තම පපුවට තද කර ගෙන සිය මෑණියන් දෙස බලා සිටියා.
"නැන්දා... මා විශ්වාස කරන්න. මම ජිමින් ට බොහෝ ප්‍රේම..."
"ඔබට ජිමින්ව එක් ස්ත්‍රියක් සේද පෙනෙන්නෙ ජන්කුක්? ආ...? පිලිතුරු දෙන්න මට.. එක් ස්ත්‍රියක් කියාද ඔබ සිතන්නෙ ඔහුව... ?"
ජන්කුක් දෙස බලමින් ජිමින්ගෙ මව කෑ ගසද්දී ඇයට උත්තර බැදීම නිශ්පල ක්‍රියාවක් ය යන්න වටහා ගත් ජන්කුක් බිම බලාගෙන ඔහේ සිටියෙ ජිමින්ගෙ මව ජන්කුක් ගෙ තුරුලින් ජිමින්ව ඇද ගනිද්දී."ජන්කුක් යන දෙසක යන්න. නමුදු නැවත මෙහි නොපැමිනෙන්න..."
ඇය වේගයෙන් කීවේ ජන්කුක් දෙස කදුලු පිරි දෑසින් බලා සිටින ජිමින් දෙස බලා කෝපයෙන් රවමින්."එක් වරක්... මට ජිමින් සමග කතා කිරීමට දෙන්න... එක් වරයි.."
ජන්කුක් දෑත් එක් කරමින් බැගෑපත් ස්වරයෙන් ඉල්ලුවෙ ඔහු ජිමින්ව හමුවීමට ආ කාරණයවත් ඔහුට කියා ගැනීමට නොහැකි වූ නිසා.
VOUS LISEZ
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfiction"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022