ජිමින්ගෙ දෙතොල් වලට තම දෙතොල් තද කරන ගමන් රාගය කොනකවත් නොගෑවුන ජන්කුක් ගෙ ආදරණීය හාදුව ජිමින්ගෙ හදවත ආදරයෙන් පුරවන්නට සමත් වෙද්දී ඔහු ජන්කුක් ගෙ ගෙල වටා තම දෑත් පටලවාගෙන ඔහුව පෙරලා ආදරණිය ලෙස සිප ගන්න පටන් ගත්තෙ ජන්කුක් වත් පුදුම කරන ගමන්.
ජන්කුක් කොතරම් ඔහුව පෙරලා සිප ගන්නට කියා මීට ප්‍රථම ඉල්ලුවත් තමාට ජන්කුක් මෙන් සිප ගැනීමට නොහැකි වෙයි කියා බිය උන ජිමින්, ජන්කුක් තමාට කවටකම් කරයි කියන නොකැමැත්තෙන් කිසි දා ඔහුව පෙරලා සිප ගත්තෙ නෑ. නමුත් අද ඔහුට ඔහුව වලක්වන්නට නොහැකි උනා . ඔව්. ජිමින්ට ඔහුට ජන්කුක් ගෙ ආදරණීය හාදුව ඉදිරියෙ පාලනය කරගැනීමට නොහැකි උනා.
"මගේ වෙනවාද?"
ජන්කුක් සිප ගැනීම මොහොතකට නතර කර ජිමින්ගෙ කනට සෙමින් මුමුණන අතර තුර සෙමෙන් ඇසුවා."ආ...?"
ජිමින් ඇසුවේ පුදුමය මුසු වූ ලැජ්ජාවෙන්."මගේ වෙනවාද? මගෙම විතරක්....."
"ඔබ සදහටම මගෙම විතරයි කියා වදන් දෙනවා නම් මමත් ඔබගෙ විතරක් ම වෙන්නම්"
ජිමින් ජන්කුක් ගෙ ගෙල වටා වෙලී තිබුණු ඔහුගෙ දෑත් තවත් තද කරන ගමන් කොඳුරද්දි ජන්කුක් සිනාසෙමින් ජිමින්ව ඔහුගෙ පපුව තද කර ගත්තෙ අපමණ සෙනෙහසකින්."මම ඔබේ විතරයි. වදන් දෙනවා... නෑ කිසිදින වදන බිඳිනුවේ... ම්..?"
ජන්කුක් කියද්දී ජිමින් සිනා සෙන ගමන් ඔහුට තවත් තුරුලු උනා."නිවසට යන්නෙ නැතිද... රාත්‍රියත් උදා වෙලා"
ජන්කුක් ගෙ පපුව මත මද වෙලාවක් හිස තබාගෙන සිටි ජිමින් යලි හිස ඔසවා බලා කීවේ වට පිටට දෑස් යොමු කරන ගමන් තමන්ගෙ දෙතොල් වලට යලි නැඹුරු වන ජන්කුක් දෙස බලමින්."මා අද ඔබ මගේම කරගන්නවා ජිමින්.... ඔබ මනාපද?"
ජන්කුක් නිදහස් ඇගිලි තුඩු වලින් ජිමින්ගෙ මුහුණ පුරා ඉරි අදිද්දී ජිමින් දෑස් විසල් කර ජන්කුක් දෙස බලාගෙන සිටියා."කුමක්ද ඔබ ඉන් අදහස් කලේ...?"
ජිමින් ඇහුවේ තම විශාල දෑස් වලින් ජන්කුක් ගෙ දිදුලන දෑස් අධ්‍යනය කරමින්."මා කර පෙන්වන්නද?"
"එ... එයද?"
"කුමක් ද?"
ජන්කුක් සිනා සෙමින් විමසුවේ ගොත ගසමින් අපහසුවෙන් හා ලැජ්ජාවෙන් සිටින ජිමින් දෙස බලන ගමන්.
CZYTASZ
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfiction"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022