30 කොටස

473 151 22
                                    

"යුවරජුනි , නැතිද ආහාර ගනුයෙ...?"
සිය සයන මත අසුන් ගෙන දිගු කල්පනාවකට වැටී සිටින ජන්කුක් දෙස බලන අතරතුර පැමිණි සේවිකාවක් විමසද්දී ජන්කුක් හිස ඔසවා ඇය දෙස බැලුවා.

ආහාර බන්දේසියක් අත දරාගෙන පැමිණ සිටින ඈ හට අතින් පැමිණෙන ලෙස සංඥා කල ජන්කුක් පසෙකින් එම බන්දේසිය තබන ලෙස සංඥා කොට ඉදිරිය බලා ගත්තෙ ඇය ජන්කුක් හට හිස නවා ආචාර කොට පිටව යන අතර තුරේදීය.

ගැඹුරු සුසුමක් ගත් ජන්කුක් ඔහුට කිසිදු ආහාර පිරියක් නැතත් ඒ බන්දේසිය දෙසට දෑස් යොමු කරද්දී ඔහුගෙ වියලී ගිය දෑස් වල එක් ක්ෂණයෙන් කදුලු පිරී ගියෙ එහි වූ මල් කිනිත්ත දැක.


"මා පැවසුවා නෙ..... එපා කඩන්න ඒ මල්... මා ප්‍රිය කරන්නෙ ඒ පුෂ්පයන්ට.... "

"සුන්දරයි පුෂ්ප ශාකයෙ ම තිබියදී... ඔවුන් ප්‍රිය එහි සිටීම .  නෑ නෙ ප්‍රිය වෙන්වීමට.   හරියට මා ඔබ ගෙ දෑත් මෙලෙස අල්ලා සිටීමට ප්‍රියයි වගේ...."

ජිමින් තමා හා ගත කල දින කීපයේදී ඔහු පුෂ්ප වලට කොතරම් ප්‍රිය කරනවා දැයි වටහා ගත් ජන්කුක් ඒවා සිහි වී දෑසට නැගුණු කදුලු බිදු පිටි අල්ලෙන් පිස දමා නැවතත් ඉදිරිය බලා ගත්තා.

"ජිමින් මා හට ඔබව බොහො මතක් වෙනවා... ඔබ ට නම් මාව අමතකත් වී ඇති නොවෙද?"

සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගත් ජන්කුක් මුහුණදී ද්වාරයට කවුරුන් හෝ තට්ටු කරන වග ඇසුනු ජන්කුක් ක්ෂණිකව හිස ඔසවා ඒ දෙස බැලුවා.

"කවුරුද? පැමිණෙන්න..."

"අයියණ්ඩි.. මම ටේහ්‍යුන්..."
පිටත සිටි පුද්ගලයා ප්‍රකාශ කිරීමත් සමග , ද්වාරය විවෘත කොට පැමිණියෙ රාජකුමාර ටේහ්‍යුන්.

"පවසන්න කුමක්ද කරුණ?"
ජන්කුක් ටේහ්‍යුන් ව ප්‍රිය නොකලත් පෙරදී මෙන් ඔහුට නපුරු ලෙස සැලකීමට හිත නොදුන් නිසා කාරුණිකව විමසද්දී , ටේහ්‍යුන් මදක් පුදුමෙන් ඔහු දෙස බැලුවත් ඔහු ජන්කුක් හට ආචාර කර සිට ගත්තා.

"අයියණ්ඩි අර පැමිණි පුද්ගලයින්... ඔවුන්.... ඔවුන් අසරණයි නෙ අයියණ්ඩි කුමක් ද අප කරනුයෙ..."

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon