34 කොටස

457 142 27
                                    

"කුමක්ද ඔබ අප හට කරන්නට කියනුයෙ...?"
ජන්කුක් ගෙ ප්‍රකාශයට එක් ක්ෂණයෙන් ගල් වූ , ඔහුගෙ ප්‍රකාශය හදවතින්ම පිලි ගත් එක තරුණයෙකු ඉදිරිපත් ව අසද්දී ජන්කුක් ගැඹුරු සුසුමක් ගත්තා.

"මන්ද ඔබ මංකොල්ලකරුවන් ට විරුද්ධව සටන් නොකරනුයෙ? මන්ද ඔබගෙ දේපල ඔබ සතු ධනස්කන්දය ඔවුන් අතට පත් වීමට ඉඩදී ඔබ නිකම්ම බලා සිටිනුයෙ? ආ...? ඔබට නැතිද නිදහසක් ඇවැසි?"
ජන්කුක් සියලු ගම්මවැසියන් ගෙන් විමසා සිටයදී ඔවුන් එකිනෙකාගෙ මුහුණු දෙස බලනු ඔහු දුටුවා. බොහො ගම්වැසියන් ජන්කුක් ගෙ ප්‍රකාශයට අනුමැතිය පල කරන අයුරින් හිස සලනු දුටු ජන්කුක් තුටින් පිනා ගොස් ඔවුන් දෙස බලා සිටියෙ උනන්දුවෙන් හා බලාපොරොත්තුවෙන්.

"නමුත් අප කෙසේද සටන් වදිනුයෙ? අප දක්ෂ සටන් කරුවන් නොවෙයි"

එක් ගම්වැසියෙකු ඉදිරිපත් වී පවසද්දී අනෙකුන් ද ඔහුගෙ ප්‍රකාශයට එකග වෙමින් හිස සැලුවෙ සියල්ලෝම මංකොල්ලකරුවන් ගෙ ශක්තිමත් සටන්කාමී බව සේම , ඔවුන්ගෙ බල සේනා පිලිබඳව පැහැදිලිව අවබෝධ කොටගෙන තිබූ නිසා.

"දන්නවාද? තනිවම එක වේයෙකු ට නොහැකි නොවෙද ගොඩ නැග්මට හුඹහක් දස අවුරුද්දකින් වත්? නමුත් සියල්ලෝම එක් උවොත් ගොඩ නගාවී තුඹසක් එක් හෝරාවක් ගත වීමටත් ප්‍රථම"

ජන්කුක් සෑම දිනකම මෙන් ඔහුගෙ දක්ෂ කතන හැකියාව ප්‍රයෝජනයට ගෙන සියල්ලෝගේම සිත් ඇද බැද ගන්න විලාසයෙන් පවසද්දී ගම්වාසීන් ද එකඟව හිස සැලීමට පටන් ගත්තා.

"නමුදු සැබවින්ම ඔබ කවුරුන්ද? කෙසේද මෙතරම් සටන් කිරීමට උගත්තෙ?  සැබවින්ම මන්ද අප ඔබ අපේ මිතුරෙකු කියා විශ්වාස කරනුයෙ? මිතුරු වෙසින් පැමිණි සතුරෙකුද කෙසේද දන්නෙ...?"
ජන්කුක් ගෙ පසට මුලදී කතා කල එක් ගම්වාසියෙකු අසද්දී ජන්කුක් ඉදිරිය බලා ගත්තෙ දීමට පිලිතුරක් සිතන ගමන්.

"හා... ඔබටත් ඇවැසි සූක්ෂම ලෙස අපගෙ ධන ධාන්‍ය පැහැර ගැනීමට නම්?"
ඔහුගෙ වචන වලට අනුමැතිය පල කරමින් තවත් එක් ගම්වැසියෙකු කියද්දී අනෙක් අයද අනුමැතිය පල කරමින් හිස වැනුවෙ ජන්කුක් ව අපහසුතාවයට පත් කරමින්.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Donde viven las historias. Descúbrelo ahora