"නමුදු ආයුධ?"
තවත් ගම්වැසියෙක් ඉදිරිපත් ව ඇසූයෙන් මෙතෙක් වේලා ඒ පිලිබඳව සිතා නොසිටි ගම්වැසියෝද එකිනෙකාගෙ මුහුණු දෙස බලන්නට වූවා.
"කඩු කිනිසි නෑ අවශ්‍ය. නමුදු එක් අසිපතකට නොහැකි වුවත් දැවැන්ත වෘක්ෂයක් බිම හෙලන්න පොරො තලයකට හැකී නොවෙද එක් වෘකෂයක් බිම හෙළන්න"
ජන්කුක් කට කොනට මද සිනාවක් නංවාගෙන මුහුණදී ගම්වැසියෝ පුදුමෙන් එකිනෙකා දෙස බලන්නට වූවා.
"ඔබ පවසනුයේ.....?'
"හා.... අපට මැකී සටන් වැදුමට ගොවි ආවුද , කම්මල් කරුවන්ගෙ ආවුධ ආදිය යොදාගෙන. අසිපත ඔබට නුහුරු වුවත් ඔබට හුරුයි නොවෙද එම ආවුද?"
ජන්කුක් තුටු සිතින් මුහුණදී ජනයා අතර කසුකුසුවක් ඇති වූයෙන් ජන්කුක් ඔවුන් දෙස මද සිනහවක් මුව පුරවාගෙන බලා ඉන්නට වූයේ ඔහු මට ඔහුගේ සැලසුම් පිලිබඳව හොඳින්ම අවබෝධයක් තිබූ නිසාවෙන්."ඔබ කරනුයේ සමූල ඝාතනයක් ජන්කුක්..!!"
ජන්කුක් මුව විවර කිරීමට ප්‍රථම ඔහු හට බාධා කරමින් යුන්ගී නැවතත් ඉදිපත් වුවත් ජන්කුක් ඔහු දෙස හිස පසෙකට ඇල කොට ගෙන බලා සිටියේ යුන්ගී ඔහු පවසන කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැති වග දන්නා නිසා."යුන්ගී!!!"
ජන්කුක් ට විරුද්ධව යුන්ගී තවත් යමක් කීමට තැත් කලත් එක් වරම යුන්ගී ගෙ මුව වැසී ගියේ පසුපසින් ඇසුනු ස්ත්‍රියකගෙ කෝපයට පත් ස්වරය නිසාවෙන්."යුන්ගී නැවත නැවත මා ඔබට නෑ කියනුයෙ, වැදගත් යමක් කිරීමේදී එපා අකුල් හෙලන්නට එයට!!"
ඉදිරියට ඇවිද ආ යුන්ගී ගෙ පතිනිය සේහා කෝපයෙන් ඔහු හට පවසද්දී යුන්ගී ඈ හට බිය වූවත් සියල්ලෝම ඉදිරියෙ ලැජ්ජාවට පත් විය නොහැකි නිසාවෙන් කෝපයෙන් ඈ දෙස රවා බැලුවා.
"මන්ද ඔය ලෙස බලනුයේ ආ...? කවුරුන් කියාද සිතා සිටිනුයෙ... පැමිණෙන්නකො නිවසට.. මා ඔබට අමතක නොවන පාඩමක් උගන්වන්නම්.."
සිය සැමියා තමා දෙස කෝපයෙන් ඕවා බැලූ වග වටහා ගත් යුන්ගී ගේ බිරිඳ සේහා ඔහුගෙ කනින් අල්ලා ගනිද්දී යුන්ගී මහ හඩින් කෑ ගැසුවේය දැනුන වේදනාව ට.
BẠN ĐANG ĐỌC
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfiction"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022