ජන්කුක් , ජිමින් හෝ හොසොක් නගර මධ්‍යයට පැමිණෙන විටත් ගම්වාසීන් විසින් මංකොල්ලකරුවන් ගේ ගමන් මග අසුරාගෙන , ආවුධ සන්නද්දව සිටියේ සටන් කාමීව. අසු මත්තේ සිටි විශාල මංකොල්ලකාර පිරිස දුටු ජන්කුක් ගෙ දෙනෙත් විසල් වී ගියෙ අද දින ඔවුන් ගෙ සටන බොහෝ අපහසු වන වග වටහා ගෙන. බර සුසුමක් හෙළා තමාගෙ හස්තය තදින් ග්‍රහනය කොටගෙන සිටින ජිමින් දෙස ඔහු බැලුවා.
"ජිමින්. කරුණාකර පසෙකට වී සිටින්න.."
තමාට හැකි තරම් තදින් ජිමින්ව ඇමතූ ජන්කුක් , ජිමින්ගෙ දෙනෙත් විසල් වද්දී ඔහුගෙ හිස අතින් නිරායුධවම මංකොල්ලකරුවන් ඉදිරියට ඇවිද ගියා.
"ඔහ්.. වීරයා සැපැමිණ ඇති හැඩයි"
ඉදිරියට ආ ජන්කුක් දෙස සමච්චල් සහගත ස්වරූපයෙන් බැලූ මංකොල්ලකාර නායකයා මුමුණද්දී කිසිවක් නොකී ජන්කුක් ඔහු දෙස කෝපයෙන් රවා බලා සිටියෙ හදෙහි උතුරා යන කෝපයෙන්. ඔවුන් හට මෙම සියලුම අති මහත් මංකොල්ලකාර සේනාව සමග සටන් වැදීම කිරීමට අපහසු කෘත්‍යයක් වග දැන සිටියත් , ජන්කුක් කෙසේ හෝ ඔහු වදන් දුන් අයුරින්ම ගම්මානයේ ස්වාධීනත්වය සඳහා සටන් වැදීමට ඉටා ගත්තා.
"කරුණාකර වැදගත් ලෙස පිටව යන්න. අහිංසකයින් ගේ ධනය කොල්ලකා ඔබ ලබන සතුටු කුමක්ද ආ...?"
ජන්කුක් මිමිණූවේ එතැන සිටි සේනාව දෙස කෝපයෙන් බලමින්.
"මන්ද නොහැක්කේ ඔබ හටම යම් රැකියාවක් කොට ස්වෝත්සාහයෙන් ධනය ධාර්මිකව උපයන්නට"
ජන්කුක් විමසද්දී මංකොල්ල කාර නායකයා මහ හඩින් සිනහ වන්නට වූයෙන් , ඔහුගේ සේනාවද ඔහුගේ සිනහවට එක් වූයේ ගම්වැසියන් මුහුණින් මුහුණ බලා ගනිද්දී
"පෙරදී ඔබ කෙලෙසද කීවේ වීරයා..? කෙසේ හෝ අපව පරදනවා කියා නොවෙද? එක් වරම කුමක්ද සිදු වූයේ ආ..? සේනාව දැක වීරයා පලා ගියාවත්ද?"
"දන්නෙහිද ජන්කුක්? මා නෑ ප්‍රිය මා ගේ කීමට පිටින් කිසිවෙකු නැගී සිටිනවාට! ඔබත් සිදු කර ඇත්තෙ එයමයි... ඔබට නම් එයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි ජන්කුක්.. ඔබ සේම මෙහි සිටින සියලු දෙනාටම"
YOU ARE READING
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfiction"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022