24 කොටස

491 157 20
                                    

ඉයුන්වෝ ගෙ නිවසට ගොස් නැවත නිවසට එන අතර තුරු ජිමින් මදක් සතුටුන් පසු වූයෙ ඈ යහපත් අයෙක් වීමත් ඇය තමාව විවාහ කර ගැනීමට නොකැමැත්ත පල කිරීමත් නිසාය. ඇය හට ජන්කුක් පිලිබඳව පවසනවාද නොපසනවාද යන්න කල්පනාවේ නිග්ම සිට අවසානයෙ ඇයට කිසිවක් නොපැවසීම යහපත්  වටහාගත් ජිමින් කරත්තයෙ බිත්ති මතට හිස තබා දෑස් වසා ගත්තෙ කෙසෙ නමුත් ඈ යහපත් අයෙකු වීම පිලිබඳව සිතෙහි සතුටින්.

"ඔබ ඇයට ප්‍රියද ජිමින්"
ජිමින්ගෙ මුහුණෙහි ඇදි තිබූ මද සිනහව දැක සතුටුව ජිමින්ගෙ මව විමසද්දී ජිමින් දෑස් හැර ඇය දෙස බැලුවෙ පුදුමයෙන්. විනාඩි කිහිපයක් තිස්සෙ ජන්කුක් ගෙ මුහුණෙ කලාතුරකින් ඇදෙන දුර්ලභ ආදරණිය සිනහව සිහි කරමින් සිටි ජිමින්ට එක් වරම ඇය පවසනුයෙ කවුරුන් ගැනද යන්න එක වරම නෑ වැටහුනෙ.

"කවරෙක්ටද මෑණියනී...?"
ජන්කුක් ගැන කල්පනා කරමින් සිටි ජිමින් පුදුමෙන් අස්ද්දී ඔහුගෙ මව ඔහු දෙස පුදුමෙන් බලා සිටියා.

"ඉයුන්වෝට..!"

"ම්.. ඇය යහපත් ස්ත්‍රියක් වගේ....."
කෙටියෙන් මිමිණු ජිමින් නැවත දෑස් වසා ගනිද්දී ඔහුගෙ මව සිනා මුසුව ජිමින්ගෙ පියා දෙස බැලුවත් ඔවුන් දෙදෙනාට මැදිව කදුලු පිරි දෑසින් බිම බළා උන් ජින්ව ඔවුන් දෙදෙනාගේ වත් ජන්කුක් ගැන කල්පනා වේ නිග්ම සිටි ජිමින්ගේවත් අවධානයට නෑ හසු වූයෙ.

"ඉයුන්වෝ.... මේ ඔබමද?"
මෙතෙක් වේලා දීර්ඝ කල්පනාවක කිංග්ස් සිටි ජින් තමාටම මුමුණා ගත්තෙ සුසුමක් හෙලමින්.









වසර කීපයකට පෙර.

"ජින්......."

"ඉයුන්වෝ...."
ජින් තම නැන්දනියට හා මාමා ට තිබූ මුදල් අගහිග කම් හේතුවෙන් වසර පහකට පෙර අත් උදව්වට ගිය ගොවි ගෙදර යාබදව තිබූ තවත් ගොවි ගෙදරක විසූ සුන්දර තරුණිය ඉයුන්වෝ ඔහු දෙසට දිව ආවා.

"ඉයුන්වෝ ඔබ අද සුන්දරයි..."
ඉයුන්වෝ ගේ දෑත් තමාගෙ ගෙල වටා එතෙද්දී ජින් මිමිණුවෙ සිනා මුසුව.

"ජි....න්.. ජින්...."

"කිමද මේ ඉයුන්වෝ... මගෙ මැණික...?"
වෙනාදාට ඔහු දකින විට කිංකිණි නාද පතුරමින් සිනා වන ඉයුන්වෝ දුක්බරව මුමුනමින් ඔහුගෙ ගෙල වටා දෑත් පටලවා උරහිසට හිස පොවා ගෙන ඇගෙ කඳුලු වලින් ඔහුගෙ උරහිස තෙත් කරද්දී ඔහු මිමිණුවේ බියෙන් හා පුදුමෙන්.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Donde viven las historias. Descúbrelo ahora