පසුවදා උදයෙ නගරයෙ සිට පැමිණි වෙලඳුන් පැමිණ ඔවුන්ගෙ එළවලු රැගෙන යන අයුරු බැලීමට පිටතට ආ ජන්කුක් දුටුවෙ පිටතට වී ඒ වෙලඳුන්ගෙ හා තම පියාගෙ කතා බහට දෙසවන් යොමු කරමින් දෑස් විසල් කොට කුඩා දරුවෙකු සේ වාඩි වී බලාසිටින ජිමින්. සිනහවකින් මුව පුරවා ගත් ජන්කුක් ජිමින් අසලට විත් අසුන් ගනිද්දී ජිමින් එක් වරම ගැස්සී ගිය අතර ඔහුගෙ මුහුණ රත් පැහැ උනෙ පෙර දින රාත්‍රිය සිහිපත් වීමෙන්.
ඔහු ලැජ්ජාවට පත් වූයෙ පෙරදා සිහිපත් වූ නිසා වග වටහා ගත් ජන්කුක් තමා සමගම සිනා සෙමින් ජිමින් දෙස බලා සිටින ගමන් ඔහු අසලට තවත් ලං වූයෙ ජිමින්ගෙ ලැජ්ජාව මුසු වූ ඉරියව් නරඹමින්.
"කුමක් ද නරඹනුයෙ? ආ?"
ජන්කුක් විමසුවෙ තමාව නොසලකා හැරිය යුතු නිසා ඕනෙවටත් වඩා අවධානයෙන් තම පියාගෙ හා වෙලෙන්දා ගෙ ගණුදෙනුව දෙස දෑස් විසල් කර බලා සිටින ජිමින් දෙස ආදරයෙන් බලමින්"කුමක් නරඹනවා සේද ඔබට දිස් වනුයෙ? ඇයි නැතිද ඔය දෑස් පෙනෙනුයෙ?"
ජන්කුක් දෙස රවා බලමින් කෙඳිරූ ජිමින් ඉක්මනින් ඔහුගෙන් මිදී එතනින් නැගිට්ටත් ජන්කුක් ඔහුගෙ දෑතින් අල්ලා ඔහුව තමා අසල වාඩි කර ගත්තා සිනා සෙන ගමන්."මට යෑමට දෙන්න . මට නෑ ඇවැසි ඔබ අසල සිටීමට"
ජිමින් කීවෙ ජන්කුක් දෙස කෝපයෙන් බලමින්"හා සැබෑද? මන්ද ඔය තරම් මුසා දොඩන්නෙ ආ?"
"ජන්කුක් මා හට යෑමට දෙන්න. මම නෑ මුසා කියනුයෙ"
ජිමින් තම පියත් ජන්කුක් දෙසත් මාරුවෙන් මාරුවට බලන ගමන් පැවසුවෙ ජන්කුක් තවමත් ඔහු දෙස සිනා සෙමින් බලා සිටියදී"මා සමග සිටීමට අකමැතිද? ආ?"
"ඔව්. මට ඇවසි නෑ.... පිටව යන්න"
ජිමින් කෝපයෙන් ජන්කුක් හට කෙඳිරුවා."ඒ කුමකටද? මටත් ගනුදෙනුව නැරඹිය යුතුයි. මන්ද මා හට පිටව යෑමට පවසනුයෙ"
ජන්කුක් සිනා සෙමින් අසද්දී ජිමින් තමාගෙ දෙතොල් සපා ගත්තා."මට නෑ ඇවැසි ඔබ වැන්නෙකු සමග සිටීමට"
එක් වරම කී ජිමින් එතනින් නැගිට යෑමට තැනුවත් ජන්කුක් එක් වරම ඔහුව තමා අසලින් වාඩි කෙරෙව්වෙ ඔහුගෙ දෑතින් ඇද.
ESTÁS LEYENDO
𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓
Fanfic"පැමිණෙන්න මේ තුරුලට ජිමින්.... මගේ පපුවෙ හිස පොවාන අපේ ආලයෙ නාමයෙන් ගැයෙන මගේ හදවතෙ ගීය අසන්නට...." -යුවරජ ජන්කුක්- •jikook fanfiction •boyXboy •top kook •bottom Jimin Started date - 07 Nov 2021 Completed - 26 April 2022