පළවෙනි දිගහරුම : ඇයයි මාගේ දියණිය

236 32 19
                                    


" අර බලන්න අක්කන්ඩි.... මෙවරත‍් දූත පිරිස සමඟ පැමිණි කුමාරයා ඔබට හිතට ඇල්ලුවේ නැතිද..... සැමදා ඔබ කුමාර වරුන් තෝර තෝරා සිටින්න... ලොකු මෑණියන් නම් ඔබේ විවාහයට දැනටමත් දින ගනිනවා "

කවුලුවෙන් ඈත දෙස බලා ලීලා කුමරිය මිත්‍රා කුමරියට පැවැසුවේ නෝක්කාඩු ස්වරයකින්....

" අනේ... මා හට නම් එවැන්නක් අවශ්‍ය නැ. ඔබට තමයි එලෙස උවමනා. අනෙක් පුද්ගලයා මගේ මෑණියන්... ඇයටත් අවශ්‍ය මාව විවාහ කර දීමටයි... මට තවම එය අවශ්‍ය වන්නේ නැහැ... එයයි මගේ තිරණය... "

" ආ... එලෙස සිටීමට හැකියි ඔබේ මෑණියන් අපේ මෑණියන් වුණානම්... නමුත් ලොකු මෑණියන්ගෙ නම් අදහස ඔබව රාජ්‍යයක කිරුළ හිමි කුමරෙකුට සරණ පාවා දීමටයි... "

" මනස්ගාත... මටත් විටෙක සිතෙනවා ඔබලා දෙදෙනාගේ මෑණියන්ගෙ සෙනෙහස ලැබුණානම් කියලා.... "

" එසේ නොපවසනු අක්කන්ඩි... ලොකු මෑණියන් ඔබට මහමෙරක් තරම් සෙනෙහස දක්වනවා... සෑම මවකටම තමන්ගේ දරුවගෙ සතුට තරම් වෙනත් කරුණු නොවෙයි... ඔබේත් දැන් කල වයස හරි නොවේද... "

" ඔබත් පටන් ගත්තද සංඝා මෙන් මා හට බණ දෙසීමට.... "

" අයියෝ... අක්කන්ඩි. මගේ මෑණියන් උනත් ඔබේ මෑණියන් උනත් වැඩි වෙනසක් නෑ... වෙනසකට ඇත්තේ මගේ මෑණියන් අප හට විවාහයට බල නොකිරීමයි... අනික් අතට සංඝාත් මමත් තවම නිසි වයසට පැමිණ නැති නොවේද "

" නිසි වයස හහ්... සංඝාත‍් මට වඩා වසර එකකින් පමණයි බාල.. ඔබත් එතරම් වයසක් නැ නොවේද "

" අනේ.... අක්කන්ඩි මම තවම කුඩායි. හුම් "

ලීලා පැවැසුවේ හුරතල් ස්වරයකින්... ඇත්තෙන්ම ලීලා වැරදි නැ.... මේඝවර්ණ එසේත් නැතිනම් සිංහල දේශයේ මහා රජු මේඝවර්ණාභය රජුගේ පරම්පරාවේ අන්තිම පුරුක ඇය වුවා.... මේඝවර්ණ රජුගේ බිසෝවරු අතරින් එතුමා ප්‍රියවූත් සෙනෙහස වූත් ප්‍රධාන බිසෝවරු දෙදෙනෙක් වුවා... එතුමාගෙන් දරුවන් ලද එකම බිසෝවරු දෙදෙනාත් ඔවුන්ම වුවා... නමින් සුභා හා දීමනී වූ ඔවුන් අතරින් වුවද රජුගේ ප්‍රේමයේ හිමිකාරිය සුභා වුවාය... දීමනී යනු ඔහුගෙ රාජ්‍යත්වය ආරක්ෂා කිරීමට භාරතයෙන් ගෙන්වූ කුමරියක වුවා... තවත් බිසෝවරු සිටියද ඔවුන් ගැන තැකීමක් නොකරන මේඝවර්ණ රජු සෑම විටම කාළය ගත කරේ සුභා සමගයි... සුභා හට මේඝවර්ණ රජුගෙන් දරුවන් තිදෙනෙක් වුවා. නමින්... " ගජබාහු" "සංඝා" සහ " ලීලා" යනු ඔවුන් තිදෙනා වෙයි.... දීමනී හට රජුගෙන් දාව දරුවන් දෙදෙනෙකු වූ අතර නමින්...." දිරිවර්ණ" සහ " මිත්‍රා" විය. පවුලේ වැඩිමලා ගජබාහු වූ අතර, ඉන් පසු පිලිවෙලින් දිරිවර්ණ, මිත්‍රා, සංඝා හා ලීලා විය... මතු කිරුළ නිතැතින්ම ගජබාහු හට හිමිවූ අතර දිරිවර්ණගෙ සහයෝගයත‍් සෑම විටම ඔහු හා පැවැතුණි. දීමනී හට ඒ නිසා යම් අමනාපයක් තිබුණත්... මිත්‍රාව කිරුළ හිමි කුමරෙක් හට සරණ පාවා දිමෙන් එය සංසිඳීයැයි කියා ඇය විශ්වාස කරා.... සුභා නිතැතින්ම සොදුරු චරිතයක් වූ අතර ඇයගේ දරුවන් තිදෙනාත් එසේම වුවා.... මේ අතරින් රාජ්‍යයේ වඩාත් සිත් ගත් කුමරිය නිතැතින් සංඝා වුවාය...

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now