තෙවන දිගහැරුම : ඔහු මෙසේ විය යුතුයි

113 26 26
                                    

" මා හට ඉතිරිව ඇත්තේ එපමණයි "

එලෙස කියමින් මිත්‍රා දිවගියේ මාලිගාව දෙසටයි....

" මෑණියනි...."

" කුමක්ද ගැටලුව මිත්‍රා"

" ඔබ මගෙන් නොවිමසා මාගෙ ස්වයංවරය තිරණය කරේ කිමද "

" මමයි ඔබේ මෑණියන්. මා හට එයට අවසර හිමි වූයේ ඔබ මාගේ කුසෙන් ජන්ම ලද දා සිටයි "

" නමුත් මෑණියනි .... "

" ඇති ! ... මම මේ සියළු දේ කරන්නේ ඔබගේ යහපත උදෙසායි. ඔබයි මගේ දියණිය.දැන් ඔබගේ කළ වයසත් හරි. එහෙව් එකේ ස්වයන්වරයක් පවත්වන එකේ වැරැද්ද කුමක්ද ? "

" එහෙත් මෑණියනි ඇයි මගෙන් නොවිමසා මේ දේවල් සිදු කරේ. "

" ඔබට හැමදාම අවශ්‍ය පැරදීමටද. ඔබගේ අයියන්ඩියත් කිරුළ පූජා කර නිහඩ වූවා. ඔබත් සංඝාහට දිනුම දී පැරදීමටද අදහස. "

" මෑණියනි. කුමක්ද එහි අදහස ? "

" ඔබගේ විවාහය ඉක්මන් කරන්නේ මේ සියලු රාජ්‍යයන්ගේ සිටින කුමාරවරු අතරයි. එහි අර්ථය සියල්ලෙන්ම පිරිපුන් කුමාරයා ඔබ සතු වන බවයි. එනම් සංඝා හට ඔබට ලැබෙන කුමරා මෙන් දක්ෂ කුමරෙකු නොලැබෙන බව. එම නිසා පළමුව ඔබ විවාහ විය යුතුය.හොදම කුමරා ඔබේ කරගත යුතුයි. වටහුණාද. "

" නමුත් මෑණියනි.. සංඝා යනු මගේ සහෝදරියක් නෙවේද "

" හහ්... එලෙසද ඔබ සිතා සිටින්නේ. ඔබටත් ඇත්තේ ඔබේ පියාගේ ගතිගුනමයි. අයියන්ඩිය මෙන් සියලු දේ කැප කිරීමට ආසයි ද. සංඝා කුඩා කල සිටම ඔබේ දේවල් උදුරාගත්තා. මතක නැද්ද ඔබට. පියාගේ සෙනෙහස, ජනතාවගේ සෙනෙහස සියලු දේ උදුරා ගත්තා . මේ අවස්ථාව ඔබේ කර ගත යුතුය මිත්‍රා ... වැටහුණාද "

එවර දීමනි පැවසුවේ යම් කෝපයකිනි.

" එසෙයි මෑණියනි... වැටහුනා "

" අනිත් කරුණ. අද සිට සංඝා හා ඇයි හොදයි නැවැත්තුවොත් හොදයි "

" එසෙයී මෑණියනි "

මිත්‍රා සංඝා හට යම් හෝ සෙනෙහසක් දැක්වුවද දීමනී නිසා දැන් එයත් වියැකී යන හැඩයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now