පහලොස් වන දිගහැරුම ' පලවෙනි කොටස : අවසානයක් දැකිය යුතුයි.

88 19 15
                                    

" මා.... සිටිනවා. ඇය වෙනුවෙන් මා සටන් කරන්නම්.... "

එම හඬ ඇසුනු විගස මිත්‍රාවන් ඒ දෙස බලා සිටියේ විශ්මය හා දුක පිරුණු දෙනෙතින්...

එකවර ශාලාව පිටුපසින් අසිපතත් දරා පෙනී සිටියේ කිර්ති හා සංඝා දෙදෙනා.

" හහ්..... ඔබ‍ට විශ්වාසද?. මේ මාත් සමග "

" ඔව්. මා ඔබ සමග සටන් කරන්නම්. නමුත් කොන්දේසියක් තිබෙනවා "

" කුමක්ද?.... "

" ඔබ මගේ අතින් ඝාතනය වුවහොත් ඔබේ රාජ්‍යයෙන් අප රාජ්‍යයට ප්‍රතිප්‍රහාර එල්ල නොවිය යුතුයි. දිවි ගැලවුනොත් නැවත අප රාජ්‍යයට නොපැමිනිය යුතුය. "

" හහ්.... මාව ඝාතනය කරන්නද සිතන් ඉන්නේ. හහ් හහ් හා..... "

චෝරනාග රජු වියරුවෙන් මෙන් සිනා සුනා.

" හොදයි... කම් නැහැ. මගේ රාජ්‍යයෙන් ඔබ‍ට ප්‍රහාර එල්ල නොවේවී. එයට මේ මගේ අවට සිටින මගේ රාජ්‍යයේ පිරිස් සාක්ෂි වෙවී. නමුත් මම ජයග්‍රහණය කළහොත්. මේ රාජ්‍යයත් ඔබේ ඔය පසුපස සිටින තරුණියත් මගේ. එකගයි ද?.... "

එවර කිර්ති නිහඩ වුවේ. රාජ්‍ය දීමට කැමති වුවත් සංඝා ව දීමට ඔහු කිසිසේත්ම එකග නොවන නිසා.

" එකගයි..... "

මේඝවර්ණ රජු මෙන්ම දීමනි දෙදෙනාම එකවර පිළිතුරු දුන්නත් දෙදෙනාගේ සිත් වල තිබුනේ වෙනම සිතිවිලි. මේඝවර්ණ තුල විශ්වාසයේ සිතිවිලි තිබුනත්, දීමනි තුල වුයේ හුදෙක් බලවත් රාජ්‍යකට නෑකම් කීමෙ ආශාවක් පමණි.

" මා දන්නවා කිර්ති ජයග්‍රහණය කරන බව. සටන් කරන්න කුමරුනි මගේ රාජ්‍ය මෙන්ම මගේ දියණියත් බේරා ගන්න. "

" එසේයි මේඝවර්ණ රජුනි. "
.
.
.
.
.
.
.
" හොදයි එසේනම් ආරම්භ කරමු "

චෝරනාග රජු කියමින් සභාව මැදට පැමිණියා.

කිර්ති, සංඝා දෙස බලා සිනා වී යන්නට සදන විට ඔහුගේ දෑතින් අල්ලා,

" ඔබේ නෙලුම් මල ඔබ ජයග්‍රහණය කර පැමිණෙන තුරු බලා සිටිනවා "

කිර්ති ලද අවසරයෙන් සංඝා තමා වෙතට ඇද ඇගේ නළලත සිප ගත්තේ සැවොම විශ්මයෙන් බලන් සිටියදී.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now