දහතුන් වන දිගහැරුම : හදවත

81 19 4
                                    

මේ අතර ~
" ඇය නම් මා සිතුවාටත් වඩා කදිම යුවතියක් නේ "
සංඝා හා වූ සටන දෙස බලා සිටි චෝරනාගයන්ගේ මුවින් පිට වුයේ එයයි.
__________________________________________

" ඉතින් මිත්‍රා .... ඔබ‍ට මදක් ඉවසන්න තිබුනනේ."

" නැහැ පියාණනි. කෙසේ වෙතත් මා මෙහි පැමිණෙන්න තමයි සිටියේ. එම නිසා මා ආපසු යන විට ඔහුගේ කෝපය පහව ගොස් තිබේවි. "
.
.
.
.
" ඔතරම් සරල ලෙස පවසන්නේ කෙසේද දියණිය?.... ඔබයි ගැටළු වලට මුල පුරලා තිබෙන්නේ. වැරැද්ද ඔබේ නේ. "

" අහ්.. හා. දීමනි. මොවුන් තවම කුඩා දරුවන් නේ. පවුල් ප්‍රශ්න ගැන එතරම් දැනුමක් තවම මොවුන්ට නැහැ. "

" කුඩා.... රජතුමනි. මැය අට ලොස් වියැති යුවතියක්. තමාගේ පවුල් ජීවිතය පාලනය කර ගැනීමට මැය දැන ගත යුතුයි . "

" දීමනි සන්සුන් වන්න.... දියණිය මිත්‍රා. ඔබ දැන් කුටිය වෙත යන්න. ගොසින් විවේක ගන්න.මද කාලයක් සිට නැවත ඔහු වෙත යන්න. "

මේඝවර්ණ ගේ අවසන් තීරණය වුනේ එයයි..විවාහයෙන් පසුව තම පවුල් දිවියේ ගැටළු ඇති කර ගත් මිත්‍රා...., සිරිමෙවන් ගෙන් ටික කලකට ඔහුගෙන් ඈත් වී සිටීමට තීරණය කලා. නමුත් සිරි මෙවන් ගේ හදෙහි ඇය වෙත තිබු ආලය නම් අඩු වී නෑ........ මිත්‍රා ගේ සිතෙහි ද සිරි මෙවන් ගැන යම් ආලයක්‌ ඇති වන්නට වුවත්, ඇය තවමත් එය හදුනාගන්න නොපොහොසත් විය.

" අක්කණ්ඩි..... කෙසේද ඔබ‍ට. ඇයි නැවත පැමිණියේ. "

මේඝ වර්ණ ගේ අණ පරිදි නැවත තම සුපුරුදු කුටිය වෙත යාමට සැරසුණු මිත්‍රා ගෙන් ලීලා මගින් පැනයක්‌ යොමු විය.

" ලීලා.... අක්කණ්ඩි ගෙන් එසේ විමසන්න එපා. "

සංඝා ගේ විධානය වුනේ එයයි....

" කමක් නෑ සංඝා.... ඇය තවම කුඩා යි නේ.... "

" අක්කණ්ඩි ගොස් විවේක ගන්න.
ගමන් මහන්සියත් ඇති නේ "

" අපෝ... මහන්සියක් නම් කිර්ති දැනෙන්න දුන්නෙම නෑ ගමනේදී "

" අහ්හ්.... එසේ ද?......ඒක නෙවේ අක්කණ්ඩි කිර්ති අය්යන්ඩිව දුටුවා ද?"

" ඒ කුමකටද? සංඝා... ඔබ‍ට හමුවන්න ද "

අමුතු සිනහවක් මුවට නගා ගත් මිත්‍රා ඇසුවේ සංඝා ගෙන්. කව්රුත් පැවසුවේ නැතත්, ඔවුන් දෙදෙනාගේ සම්බන්දය ගැන මිත්‍රා යන්තමින් දැන උන්නා.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now