සිව්වැනි දිගහැරුම : හිමි නොවූ ප්‍රේමය

109 27 15
                                    

මේඝවර්ණ සිතුවේ එයයි..................
.
.
.
.
.
.
.
.

වෙනදා මෙන් සංඝා හා ගජබාහු සිටියේ සටන් අංගනයේ සටන් කරමින්.එම අවස්ථාවේ එහි පැමිණියේ මිත්‍රා.

" ඔබ දන්නවාද සංඝා.අපේ මිත්‍රාවන්ගේ ස්වන්වරයට එහා රටේ අප කුඩා කල මිතුරන් දෙදෙනාත් පැමිණෙනවාලු. කෙසේවෙතත් ඔවුන් දෙදෙනා අතරින් කීර්ති ගැන මිත්‍රාගේ සිතේ අදහසක් තිබ්බනේ.දැන් ඉතින් එය සඵල වන හැඩැයි."

පවසා දෙදෙනාම එක එකා හා සිනා සුනා.

" එවිට සිරිමෙවන් අයියන්ඩි. ඔහුට කුමක්ද වෙන්නේ. ඔහු අක්කන්ඩී ගැන අදහස් තියා සිටියා නොවේද. "

" ඉතා දරුණු තුන් කොන් ආදරයක්. නැද්ද සංඝා "

" එසෙයි.. එසේයි "

දෙදෙනාම නැවතත් සිනා සුනත් මිත්‍රා සිටියේ කෝපයෙන්.

" නවත්වනු ! දෙදෙනාම ..... ඔවුන් අවසන් වරට දැකත් දැන් දස වර්ෂ ගෙවී හමාරයි නොවේද. මා කෙසේද දකින්නෙත් නැතුව එසේ ආලය කරන්නේ. හා ..... පවසනු "

" මා නොදනී මා ප්‍රිය නැගණිය.... ප්‍රේමය කවදා කොතැනක කොයි මොහොතේ ඇති වූවාද යන්න මා නොදනී. විශේෂයෙන්ම ඔබගේ සිත මා දන්නේ කෙසේද "

" ඇති දෙදෙනාගේම විහිළු තහළු .... මා යනවා දැන්. මා හට ස්වයංවරයට සූදානම් වීමට අවශ්‍යයි "

" පූහ්.... වෙනදාට හෝරා කිහිපයක්වත් ගෙවනවා.අද දිනයම මෙයට වෙන් කරයි වගේ "

එසැනින් මිත්‍රා දෙදෙනාටම ගස්සා මාළිගය තුළට දිව ගියා.

" ඇය බොහෝ වෙනස් වී හැඩයි."

" හම්... සත්‍යයක් එය.... "

" හා.... නැවත පටන් ගනිමු. දැන් අසිපත සමඟ ක්‍රීඩා කරමු "

" එහෙමයි යුව රජ තුමනි ..... "

දෙදෙනා අතර වූ මදසිනාවෙන්පසුව දෙදෙනාම නැවත සටන් කිරීමට පටන් ගත්තේය.
.
.
.
.
.
.

~ ස්වයංවරය ~

වෙනදා මෙන් නොවේ. අද මේඝවර්ණ මාළිගය ඉතා සුන්දරයි.අනෙක විද මල් මාලා , සුවද දුම් , සැරසිලි වලින් මිත්‍රාවන්ගේ ස්වයංවරයට මාළිගය සරසා තිබුණා.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now