දෙවන දිගහැරුම : ස්වයංවරය

122 33 19
                                    

" පියාණනි........ "
" පියාණනි........ "

සංඝා මෙන්ම ගජබාහුත්.... එකවර දුවගෙන ආවෙ මේඝවර්ණ අසලට.....

" කීමද මේ මගේ රණශූරයන් දෙදෙනා.. පුහුණුව අවසානද.."

" මා හට නම් රණශූරයා කිව හැකියි. නමුත් ඔබ ඉදිරියේ රණශූරියක් ද සිටිනවා පියාණනි.."

" මට නම් ඇයව රණශූරයෙක් විලසට තමයි පෙනෙන්නේ "

" හොඳ රණශුරයා. මට නම් තාමත් තරහයි."

" ඒ කිමද ?.... සංඝා කුමක්ද සිදු කළේ."

ඒ අවස්ථාවේ එතැනට පැමිණි සුභා ඇසුවේ ගජබාහුගෙනි..

" නැහැ මෑණියනි. මා විසින් උගන්වන සියළු ශිල්ප ක්‍රම මැය ඇයගේ විඳියට වෙනස් කරනවා.. මන් උගන්වන ශිල්ප ක්‍රම හාත්පසින්ම වෙනස් කර තමයි ඇය පහර දෙන්නේ "

" ඉතින් ඒවා අසාර්ථක නෑනේ. ඒවා අසාර්ථක නම් තමයි ඔබ දුක් විය යුත්තේ "

" ලැබුණද..... අවශ්‍ය පිළිතුර අය්යණ්ඩි"

" ඔබත් එකයි ඔබගේ පියාණනුත් එකයි."

ගජබාහු පැවැසුවේ නෝක්කාඩු විලසින්.

" ඔබ මෙතැන කාලය කා දමන්නේ. කුසක් දරාගෙන ඇයට සියලුම කාර්යය කිරීමට අපහසුයි "

" මැණියනි... ඇය හොඳින්. මා සේවිකාවන් නවත්වා පැමිනියේ "

" අය්යණ්ඩි... මෙවැනි කාළයක ස්වාමියා විසින් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් ඉටු කළ යුත්තේ ඇය ළගින් සිට වින දුරින් සිට නොවේ. වැටහුනාද "

" හ්ම්... මාගෙ දියණියගේ බස් වැටහුනාද පුතණුවනි "

" එසේය පියාණනි... "

ගජබාහු විවාහක විය. ඔහුගෙ කුමරිය නමින් ප්‍රියංගනා වුවාය. ඔවුන් දෙපළ හත් මස් වියැති කලලයක හිමි කරුවන් වුවා. ගජබාහු තමන්ගෙන් විය යුතු සියලුම යුතුකම් අකුරක් නෑර ඉටු කළේය. ප්‍රියංගනා වුවත් වෙනසක් නෑ ඉතාම ගුණගරුක යුවතියක් වූ ඈ සුභාගෙ කැමැත්ත පලමු අවස්ථාවෙන් ලබා ගත්තා..

" දෙදෙනාම මටම කවටකම් කරන්න. මමනේ හරිනම් මෙතැන දෙස් දෙවොල් තබන්න ඕනේ. සොළොස් වියැති මාව නැන්දණියක් කිරිමේ වරදට ඔබව උල තිබිය යුතුයි.. හුම්"

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now