" හ්ම්ම්....නමුත් මගේ නෙළුම් මල තරම් නොවේ"
කිර්ති පැවසුවේ සංඝා දෙස බලමින් .....
" ඕ ..... කව්රුන්ද ඒ නෙලුම් මල "
" ඇය බොහෝ දක්ෂ මෙන්ම සුන්දර යුවතියක් . "
" නාමය කුමක්ද ? .නාමයක් නැතිද ඔය සුන්දර යුවතියට "
එවිට කිර්ති හට සිනහවක් මුවගට නැගුනෙන් සංඝා තවත් කෝප වුවා ...
" මා සිනා වෙන්න තරම් දෙයක් විමසුවේ නැහැනේ .. ඇයගේ නාමයයි විමසුවේ "
" නැහැ නැහැ ... තමන්ටම ඊර්ශ්යා කරන යුවතියක් දුටුවමයි . දැන්වත් පිටත් වෙමුද ? "
එවිට සංඝා නැගිට කිර්ති හට අතෙන් සුළු පහරක් එල්ල කරා .
" කිමද මේ ? "
තවමත් සිනාසෙමින් කිර්ති ඇසුවේ , රත් පැහැයෙන් නෑවි සිටින සංඝා ගෙන් .....
" සරදම් නොකර යනු ..ඔය ඉතින් තවමත් මෙතන සිනාසීමට ඇති කාරණය කුමක්ද ? "
" ඔබ මෙතරම් ලැජ්ජා වීම "
නැවතත් ඔහු සංඝා ගෙන් අත් පහරක් කෑවේය ...
.
.
.
.
.
" ඔබලා දෙදෙනා කුමක්ද ඔතන කරන්නේ ? .පැමිණෙන්න මිත්‍රා පිටත් වීමටයි සුදානම "
එවර දෙදෙනා එකවරම පිටුපසට වුයේ .... එතනට ගජබාහු පැමිණීමත් සමග .
" ඔතනට වෙලා කල් හැරිය නොහැකියි . වෙන් වීමේ දුක පසුව විදගන්න දැන් පැමිණෙන්න "
" නැහැ අයියන්ඩි එසේ නොවේ මේ- "
" ආ හා හා ..... එසේ නෙවේ නම් කුමක්ද ? .මෙන්න මෙහෙ පැමිණෙන්න .මා හට කොලේ වහන්න තැත් කිරීම නිෂ්පල ක්‍රියාවක් ."
ඉන් පසු සියලු දෙනාම පැමිණියේ මාලිගාවේ ද්වාරය අසලටයි .....
" අපෝ ...මෙතැන එක ඈඩීයාවයි. ඔබ එහෙම හඩන්න සුදානම් වන්න එපා සංඝා .කිර්ති මෙතනම පැලපදියම් වෙයි ."
" හ්ම් ...ඔබ දන්නවනේ මම එලෙස හඩන්නේ නැති බව "
" අයිෂ් ...මගේ ලෙය කියන්න මෙතන සිටින්නේ ඔබත් පියාණනුත් පමණි . බලන්නකෝ අනෙක් සියල්ල නිකන් හඩන්නේ මිත්‍රා රෑ පානේ දිව ගියා සේ නේ "
YOU ARE READING
දේශයේ දියණිය [ Completed ]
Исторические романыතමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්‍රේමවෘතාන්තය.... දේශයේ දියණිය.......