සත්වන දිගහැරුම : මගේ නෙලුම් මල

106 26 41
                                    

" මේ මේ ... අද ඔබ බොහෝ සුන්දරයි සංඝා .... 

" කුමක්ද ?..... "

" ඇයි ඇසුනේ නැතිද ?..."

" නැ නැ එසේ නොවේ ...එකවර පැමිණ මා සුන්දරයි කියූ නිසා සිතාගැනීමට නොහැකි වුවා .ඔබ එසේ පවසයි කියා ...."

" ආ .... එයද .මා පැවසුවේ ඔබ නොවේ ඔබේ වස්ත්‍ර හා ආභරණ ගැනයි.ඒවා ඉතාමත් මනරම් ."

එවර නම් සංඝා ලජ්ජාවෙන් මුහුණ සගවාගත්තේ කීර්ති හට මුහුණ දීමට නොහැකි නිසාවෙන් .

" කිමද මේ පහල බලා සිටින්නේ ... "

මා හට සරදම් කොට තවත් විමසන අපුරුව හම්.....

" ආ මේ ..මේ ..මා හට දැන් යා යුතුයි ."

" කුමක්ද ? කොහිද යන්නේ "

"මේ මේ ...අක්කණ්ඩි තව සුළු දවසකින් ඔබගේ දේශයට පිටව යනවනේ .ඒ සම්බන්ධෙන් කිරීමට රාජකාරි බොහෝ මා සතුව තිබෙනවා .කෙසේ වෙතත් ඔබ මෙතනට පැමිණිලා තිබ්බේ මගේ අභරණ වල හැඩ දකින්න නෙව. මා තවත් මෙහි රැදී සිටීමෙන් පලක් නෑ .යන්නම් අයියන්ඩි "

" මදක් සිටින්න ..."

ඒ වන විටත් සංඝාගේ දෑත් කිර්ති ගේ හැඩිදැඩි දෑත් විසින් ග්‍රහණයට ගෙන අවසන්ය ...

" ආභරණ සුන්දර වන්නේ එය සුන්දර යුවතියක් පැළදුවහමනේ ... එසේ නොවේද ?. ආ.... මා මෙතනට හති ලමින් පැමිණියේ හුදෙක් මේ ආභරණ දැකීමට නම් නොවේ .... එහි අයිතිකාරිය බැලීමටයි .."

කිර්තිගේ වදන් සංඝාට වැටහුනත් සමගම ඇය සිදුකරේ වෙනත් කුමරියකගෙන් බලාපොරොත්තු නොවූ දෙයක් ..

" ඕ ...එසේනම් ඔබ පැමිණියේ මගේ මෑණියන් නැරබීමටද .... මේ ආභරණ අයිති මගේ මෑණියන් ට සිටින්න මා මෑණියන්ට දන්වා පැමිනෙන්නම්."

එවිටත් මදක් පුදුම වූ ස්වභාවයෙන් සිටි කිර්තිගේ ග්‍රහණය ගැන නොසිතා සංඝා දුවන්නට තැත් කලද කිර්ති එසැනින් ඇයව තමා වෙත ඇදගත්තේ ඇයට යලිත් දිවීමට නොහැකි වන සේ ඇයගේ ඉන වටා ඔහුගේ දෑත් යවමින් තද කර ගනිමින් . කිර්තිගේ ඒ ප්‍රතිචාරයෙන් විශ්මයට පත් වූ සංඝා එක එල්ලෙහි කිර්ති දෙස බලා සිටියේ තමන් මේ දේශයේ නම් ලද රණශුරියක බව පවා අමතක කරමින්...

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now