ඒත්.....,
එකවර එම අසිපත තවත් අසිපතක් හා ගැටෙන හඬ සභාව පුරා රැව් දෙද්දී සියල්ලෝම උනන්දුවෙන් බැලුවේ ඒ කුමක්ද කියා......
" දැන් මෙය ඉවසුවා හොදටම ඇති. අවසානයක් දැකිය යුතුයි.!!! "
කියමින් නාග රජුගේ අසිපත හා තම අසිපත තබා, යක්ශනීයකගේ වැනි දරුණු මුහුණක් ඇතිව සංඝා නාග රජු දෙස බලා සිටින්නට විය.
" හහ්.... මේ කව්රුන්ද????.... ඔබ මේ මාත් සමග සටනට. "
" කිමද???? නොහැකියි කියාද සිතා සිටින්නේ. වංචාකාරී ලෙස තරගයක් දිනන්නේ, දිනන්නට තනන්නේ නිවටයින්. එවැන්නන්ට මගෙන් සමාවක් නෑ "
" සංඝා..... " ඒ මේඝ වර්ණ රජු
" බිය වන්න එපා පියාණනි. මේ දියණිය පිලිබදව ඔබට විශ්වාසයි නොවේද?? "
" වෙනත් කාටවත් වඩා ඔබව විශ්වාස කරන්නේ මම සංඝා. මා දන්නවා ඔබ මගේ විශ්වාසය රකින බව "
ලද අවසරයෙන් තමන් සතු සියලු ශක්තිය යොදා කිර්ති වෙත එල්ල වී තිබු නාග රජුගේ අසිපත ඔහු වෙතින් ඉවත් කර සංඝා.... එතනට පැමිණි ගජබාහු වෙත,
" අයියන්ඩි.... කිර්ති අයියන්ඩිව මෙතනින් ඉක්මනට රැගෙන යන්න. දැනටමත් ඔහුට සිහි මුර්ජා වීමට ආසන්නයි... "
කියූ සැනින් ඔහු කිර්ති වත් රැගෙන ඉක්මනින් වෛද්‍ය උපකාර පතා ගියා...
" හහ්... ඔබ ප්‍රේම කරන්නේ ඔහු වැනි නිකමෙකුට ද??????... ඔහුට මාත් සමග එකට සිටගන්නවත් නොහැකියි. ඒ තරමට ඔහු දුර්වලයෙක්."
එයින් සංඝා හට මද කෝපයක් ඇති වුවත් ඇය එය පාලනය කර ඉතා සංයමයෙන් යුතුව ඇයගේ ඊලග පහර එල්ල කරා. ඉතා සාර්ථක පහරවල් කිහිපයකට පසුව නාග රජුව බිම දැමීමට ඇයට හැකි වුණා.
" මාගේ හැකියාව උපහාසයට ලක් කළා නොවේද ඔබ... හහ්. අනික,
ඔබ පවසනවානම් කිර්ති අයියන්ඩි දුර්වලයෙක් කියා මතක තබා ගන්න ඔබ ඔහුටත් වඩා දුර්වලයෙක්. කිමද පසුපසින් පහරදෙන්නේ දුර්වලයින්. ඔහු මෙය ජය ගෙන තිබියදී තමා ඔබ පසුපසින් පහර දුන්නේ. ඒ නිසා ඔහු ගැන ඔබේ ඔය කමකට නැති මුවින් එක වචනයක් වත් පිට නොකරනවා නම් මම කැමතියි. කිමද ඔහුට මම ගරු කරන තරමට, ඔබ වැනි පුද්ගලයෙකු ගෙන් එකදු වදනක් හෝ ඔහුට විරුද්දව පවසනවාට මම අකමැතියි.
YOU ARE READING
දේශයේ දියණිය [ Completed ]
Fiksi Sejarahතමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්‍රේමවෘතාන්තය.... දේශයේ දියණිය.......