සයවැනි දිගහැරුම : ඇයට කුමරෙක් සිටිනවා

106 24 37
                                    

" එය නම් දන්නේ නෑ මම.... නමුත් මා දැනටමත් කෙනෙක්ට ප්‍රේම කරනවා.."

" කුමක්ද...."

" හ්ම් එසේයි ...... මා නම් සිතන්නේ එය ඒකපාර්ෂවික ප්‍රේමයක් ..... "

" එසේද ... එනම් ඇය ඔබට ප්‍රිය නැහැ .එත් ඔබ වැන්නෙකුට ප්‍රිය නොවන්නේ කුමන තරුණියක්ද .පුදුමයි "

" නෑ ගජබාහු ..එසේ නොවේ මම හිතන්නේ ඇය තවම මගේ ප්‍රේමය ගැන නොදන්නා හැඩයි "

" ඉතින් කිමද ඇයට එය නොපවසන්නේ ..."

" පවසනවා ...නිසි කල පැමිණි විට "

කීර්ති එය පැවසුවේ සංඝා දෙසට නෙතු යවමින්..... ඔව් ඔහුගේ ප්‍රේමය වෙන කව්රුහටවත් නොව සංඝා වෙතයි .මිත්‍රා මෙන් කුඩා කල සිට නොවුවද , කීර්ති හට මද කලකට ඉහතදී සංඝාව මුණගැසුනේ මාලිගාවේ කටයුත්තකට මේඝවර්ණ මාලිගාව අසල වනයට යාමේදී .එහිදී ඇය ගජබාහු සමග දඩයමේ ගොසින් තිබු අතර කීර්ති හට ගජබාහු නිසාවෙන් කුඩා කල මතකය නැවත අලුත් කරගැනීමට හැකි වුවා .රහස් කටයුත්තක් නිසාවෙන් තම අනන්‍යතාවය සගවා සිටි ඔහු ඔහුගේ අනන්‍යතාවය පසෙක ලා මිතුරන් හා කතා බහ කිරීම ප්‍රතික්ෂේප කළේය . නමුත් හුදෙක් එක බැල්මෙන් ඔහු සංඝා වෙත ඇලුම් කලේ මන්ද කියා හුදෙක් ඔහුවත් දැන සිටියේ නැහැ. ඇය රූමත් නිසා හෝ ඇය දක්ෂ නිසා හෝ කුමක් හෝ හේතුවක් මත එදා ඒ දසුන කිර්තිගේ හද කැළබීමට සමත් වුණා .එදා සිට සෑම මොහොතකම ඔහු කරේ ඇය ගැන සෙවීම පමණි .ඔහුට අවශ්‍ය වුවේ ඇය පතන ආකාරයේ කුමරෙක් වීම පමණයි .එහි ප්‍රතිපල මම අමුතුවෙන් කිව යුතු නැහැනේ ......

" සංඝා....... කෝ මේ දරුවා ඔය සටන ඇති වී නැද්ද . ඔය අයියන්ඩි සමග පැමිණෙන්න .ඔබල දෙන්නට කාර්යන් ගොඩ ගැසී තිබෙනවා පැමිණෙන්න "

" පමිනෙන්නම් මෑණියනි ... කිර්ති එසේ නම් අපි පිටවෙන්නම්.ඔබගේ ඒක පාර්ශ්වික ප්‍රේමය පිළිබද අපි පසුව සාකච්චා කරමු. සංඝා යමු "

" එසේයි ... හෙට කතා කරමු "

" යන්නම් අයියන්ඩි ...

" හොදයි ...ප්‍රවේසමෙන් යන්න "

.

.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now