දහවන දිගහැරුම : සටනක ආරම්භය

94 20 54
                                    

" එය කුඩා නිසාම තමයි මම එයට මාගේ බැල්ම යොදා සිටින්නේ. අපි බලමුකෝ. ඔය සම්පත් පිරි රට කෙසේ හෝ මගේ කරගන්නවාමයි...."
_____________________________________

දිනයක් දිනයක් ලෙස දෙසතියක් ගෙවී ගියේ හීයක වේගයෙන්.... දකුණු ඉන්දීය පාලකයා තව සුළු වේලාවකින් මේඝ වර්ණ මාළිගයේ. ඔහු නමින් චෝරනාග.

" පියාණනි... මා සියල්ල සූදානම් කර අවසන්. "

" හ්ම්.... හොදයි. මට ඔහුගේ ආගමනය කිසිසේත්ම විශ්වාස කළ නොහැක්කක්. කෙසේ වෙතත් මෑණියන්ලා වගේම ඔබලාගේ බිරින්දෑවරුත් , නැගනියන්ලා වත් ප්‍රධාන හමුවීමට ගෙන ඒමට අවශ්‍ය නැත. වැටහුණාද ? "

" එසෙයි පියාණනි "

" ඔබයි දිරිවර්ණයි පමණක් ප්‍රමාණවත් "

කියමින් මේඝවර්ණ රජු නැවතත් යෑමට පිටත් වූයේ අමුත්තා පිළිගැනීමටයි.

හෝරා කිහිපයකට පසු , ප්‍රමාණයෙන් සාමාන්‍ය අශ්වයෙකුට වඩා වැඩි අශ්වයෙකු පිට නැග දකුණු ඉන්දීය මිතුරා ප්‍රධාන දොරටුව අසලට ළගා වූවා. ඔහු ඉතා හැඩි දැඩි සිරුරක් හිමි තේජවන්ත මෙන්ම රළු ගති ඇති මුහුණක් දැරූ මැදි වයසේ පුරුෂයෙකු වූවා. ඉතා විශාල අන්තප්පුරයකට හිමිකම් කියන මොහු ඔහු දකින් දකින සුන්දර රූමත් යුවතියන් සියල්ල කෙසේ හෝ හොදින් හෝ නරකින් තමන්ගේ අන්තප්පුරයට වෙන් කරගන්නවා. ඔහු රාජ්‍ය පාලනය අතින් හොඳ මට්ටමක සිටියත් ඒ රාජ්‍යයන් අත්පත් කරගන්නා හැකියාවෙන් පමණි. රාජ්‍යයේ මිනිසුන් ගැන සොයා බැලීමට ඔහු ගේ උනන්දුවක් නොමැත. ඔහුගේ ලංකා සංචාරයෙත් පසු අරමුණ මෙය යටත් කරගැනීම පමණි. කිමද සිංහල දේශය යනු සෑම සැප සම්පතක්ම ලද වාසනාවන්ත භූමියක් බැව් කිසිදු සැකයකින් තොරවම පැවසීය හැකිය.

තේජාන්විතව අශ්වයා පිටින් බිමට බැස ආ ඔහු මේඝවර්ණ රජු ඉදිරියේ නැවතුණේය.

" ලංකා ද්වීපයට සාදරයෙන් පිළිගන්නවා!.... "

" හහ්.... ස්තූතියි. "

" ඕ... මා විශ්මයට පත් වූවා. ඔබගේ සිංහල භාෂාව හැසිරවීම පිළිබඳව. ඉතා අනර්ගයි "

" යාබද සහෝදර රටේ භාෂාව දැන සිටීම වරදක්ද? මිතුර "

" හහ් හා... එසේ නොවේ. එය ඉතා හොදයි "

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now