" නැහැ නැහැ පැමිණෙන්න දෙයක් නැහැ මා දැනටමත් මෙතන. "
.
.
.
" අය්යන්ඩි..... මේ මේ "" නෑ නෑ.... කම් නෑ. මා කිසි දෙයක් දුටුවේ නෑ කියා සිතා ගන්නම්. "
" එසේ වැඩි දෙයක් මෙතන සිදුවුවේ නෑ අය්යන්ඩි "
" කෙසේ වෙතත් ඔබලා දෙදෙනා ගැන පියාණන් දැන ගන්නා තුරු ප්‍රවේසමෙන් සිටින්න. "
" හ්ම්..... ආ අය්යන්ඩි. ඔබ කිර්ති අය්යන්ඩිව සොයමින් සිටියා නොවේද? "
" හ්ම්.... ඔබව ලීලා සොයනවා. ඇය ඔබේ කුටිය දෙසට ගියා. "
" එසේයි අය්යන්ඩි.. මම යන්නම් "
ඉන්පසු සංඝා එතනින් පිටව ගියා.
" කුමක්ද සොයුර ගැටලුව. "
" දැනගත්තා එසේ නම්. ඔබ නම් කිර්ති "
" පවසන්න අය්යන්ඩි ඉතින්. කුමක්ද ගැටලුව. "
" අර චෝර නාග රජු..... "
" හ්ම්.... මමත් ඔහු ගැන අසා තිබෙනවා. සුළු මොහොතකට පෙරත් ඔහුව මුණගැසුනා අපට "
" අපට යැයි පැවසුවේ සංඝා ද?... "
" එසේයි අය්යන්ඩි.... කිමද?"
" එය තමයි ගැටලුව. "
" කුමක්ද?? "
" මට සිතෙන ආකාරයට නාග රජු , සංඝාට කැමැත්තක් තිබෙනවා."
" හහ්.... කැමැත්තක්. එය කෙසේද අය්යන්ඩි කැමැත්තක් වන්නේ. ඔහුට අනුව එය ආසාවක්... හුදෙක් ආසාවක් පමණි. "
" හ්ම්.... ඒ නිසයි මේ. ඔබලා දෙදෙනා වහා පිළිවෙලක් විය යුතුයි. මට අනුව මගේ නැගණියට සුදුසුම සැමියා ඔබයි කිර්ති. ඔබ ඇය ගැන සොයා බලනවා, ඇයගේ අසාවන්ට ඔබ ගරු කරනවා,
කොටින්ම කිවතොත් ඔබලා දෙදෙනා ප්‍රේම කරනවා. එයනේ සත්‍ය. ඔබලා දෙදෙනාට මම උපකාර කරන්නේත් ඒ නිසයි. හැකි වහාම පියාණන් දන්වා සිටින්න. එවිට මෙලෙස හැංගි ප්‍රේම කිරීමට අවශ්‍ය නැහැනේ. නෙවේද?. "" එසේයි අය්යන්ඩි.... කෙසේ වෙතත් මම වෙනත් කිසිදු කෙනෙකුට සංඝා ලබා දෙන්නේ නැහැ. ඇයයි මාගේ සතුට, ආදරය, කොටින්ම සෑම දේම ඇයයි.
ඒ නිසා ඇය අතහැර දැමීමට කිසි සෙත් මම උත්සහ කරන්නේ නැහැ. "
YOU ARE READING
දේශයේ දියණිය [ Completed ]
Historical Fictionතමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්‍රේමවෘතාන්තය.... දේශයේ දියණිය.......