" තවමත් නැත්තේ කිමද ? "
ගජබාහු නොවිමසිල්ලෙන් මෙන් ඇසුවා.
" ගජබාහු , ඔබට උවමනා ලෙස දරුවාව ඇයගේ කුසෙන් එළියට ගැනීමට නොහැකියි. මදක් ඉවසන්න"
" එහෙත් පියාණෙනි... ඇයගේ වේදනාව මා හට දරාගත නොහැකියි. බලන්න ඇයගේ විලාපය "
" දරුවෙකු ප්‍රසූත කරනවා කියන්නේ එසේ මෙසේ කාර්යක් නොවේ ගජබාහු. හුදෙක් ස්ත්‍රියකටම පමණක් කල හැක්කක්.දැන් ඉවසා සිටින්න මා දන්නවා මෙය අසිරුයි නමුත් සිටින්න. හ්ම්..."
තවත් හෝරා කිහිපයක්ම නොවීමසිල්ලෙන් බලා සිටි ඔවුන්ට හිටිහැටියේම ඇසුනේ කිරි කැටියෙකුගේ ලොවට බිහි උණු පසු නිකුත් කරන පළමු ප්‍රතිචාරය...
" හහ්... එසේනම් ගජබාහු ඔබත් දැන් පියෙක්. සුබ පැතුම් මාගේ පුතුණි."
සතුටු කදුළු මැද පිය පුතු දෙදෙනා තම සොම්නස වැළඳගැනීමෙන් බෙදා හදා ගත්හ.
එසැනින් කුටියෙහි දොරටුව විවර කරමින් පැමිණියේ සුභාවන්. තනියම නම් නොවේ. අලුත උපන් කිරි කැටියාද සමගින්
" එසේනම් මම දැන් මිත්තනියක්. නෙවේද . "
" මෑණියනි...."
" ඒසෙයි මාගේ පුතුනි.ඔහුත් ඔබ මෙන්ම රාජ කුමාරයෙක් . ආ මෙන්න ඔහුව දෑතට ගන්න "
සුභාවන් කුමරුව ගජබාහුගේ දෑත් වලට ලබා දුන්නා. උතුරා යන පීතෘ සෙනෙහසකින් යුතුව තම කුමරුන් දෙස ගජබාහු බලා සිටියා. ඒ ඔහුට පීතෘ සෙනෙහසේ අරුත පළමුව වටහාදුන් තැනැත්තා වේ. එසෙහෙයින් ඉතාමත් ආදරයෙන් ඔහුගේ නළලත සිප ගත්තේ අනෙක් සැවොම වටවී ඔවුන් දෙස බලා සිටින අතරතුරේදී ය.....
" මෑණියනි.... ප්‍රියංගනා "
" ඇයත් සුවෙන් කුමරුත් සුවෙන්... "
" එය සහනයක්... මා යා යුතුයි ඇයව බැලීමට "
" ඉතින් යනු. අපි ඔබව නැවතුවේ නැහැනේ අයියන්ඩි. නෙවේද නැගණිය."
සංඝා ලීලා හා එකතුව තම සුපුරුදු සරදම ආරම්භ කරා.
" සුබ පැතුම් අයියන්ඩි. "
" ලීලගෙන් මෙන්ම මගෙනුත් ඔබට සුබ පැතුම්. "
YOU ARE READING
දේශයේ දියණිය [ Completed ]
Historical Fictionතමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්රේම කරන තවත් ජිවිතයක් අලලා ගෙතුණු ප්රේමවෘතාන්තය.... දේශයේ දියණිය.......