Chapter 07

1.2K 227 47
                                    

@Wedding
Still Jimin's Pov....

කුකී මොනා කියයිද කියලා හිත හිතම මම බෙන්ච් එක එහා පැත්තෙ තිබුන වතුර බෝතලේ අරන් බොන්න ගත්තේ අද දවසටම තාම හරි හමන් කෑමක් නැති නිසා ආපු බඩගින්නට...

" ඉතින් ජිමින් හියුන් ඇයි ඔයා ඕකට ඔච්චර වටේ යන්නේ. කෙලින්ම අපිට කිව්වනම් ඉවරයිනෙ අපි මෙහෙම ඉන්න නිසා ඔයාට මීසු නූනා එක්ක හනිමූන් යන්න පරක්කු වෙනවා කියලා. එහෙනම් ඉතින් අපි යනවනෙ නැද්ද ටේ හියුන්.. "

කුකී ඒ කිව්ව කතාවට මම බීබී හිටපු වතුර ටිකත් කටින් එළියට පැන්නා. එහෙම්මම මම මීසු දිහා බලනකොට මීසුත් බය වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා. ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි... පොඩි එකා වගේ මුලු කෝට් එකේම වතුර හලා ගත්තනෙ...

මම කුකීට ඔරවනකොට එයා තාමත් කට කොනෙන් හිනා වෙලා මගෙ දිහා බලන් ඉන්නවා. යා... මේ පොල් බූරුවනම්... මූට පොඩී කියන අපිට ගහන්න ඕනේ.මම ආයෙමත් නපුරු මූණ දාන් කුකීට කතා කලා.

" අනේ මේ මගෙන් අහගන්නෙ නැතුව යනවා යන්න කුකී පැත්තකට. මොන හනිමූන්ද.. මම ආදරේ කියන හැගීමට වෛර කරනවා...මගේ ජීවිතේ මට අප්‍රසන්නම වචනෙ තමා කසාදේ කියන්නෙ... "

මම කුකීට ඒක කියලා අන්තිම ටික මීසුගේ මූණ දිහා බලන් කිව්වා. ඒ ඇස් එකපාරම ගැස්සුනා.. මට ඒක තේරුනා. එයා මගේ මූණ මගාරින්න වගේ අහක බලාගත්තා..

අන්න හරි ඔයා ඔහොම ඉන්න මීසු. මට ලන් වෙන්න හිතන්නවත් එපා. ඒකෙන් වෙන්නෙ අපි දෙන්නටම නිකන් ප්‍රශ්න ඇති වෙන එක විතරයි.

මම ටේකුක් ඩබල දිහා බලනකොට ඒ දෙන්නත් බය වෙලා වගේ මගෙ දිහා බලන් හිටියා. ඔව්.. එයාලා හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති මම එහෙම කියයි කියලා. මොනා කරන්නද ඉතින්.. මට කියන්න ඕනෙ දේ මම කිව්වා.

ඒ එක්කම මට ජූන් ගෙන් කෝල් එකක් ආවා. වෙඩින් එක කියලා දැන දැනම ජූන් කෝල් කරන්න ඇත්තෙ හදිස්සියකට කියලා දන්න නිසාම මම ඒක ආන්සර් කරන ගමන් බෙන්ච් එකෙන් නැගිටලා ඉසරහට ආවා....
.
.
.

Mi Su's Pov.....

අද උදේ ඉදන්ම හැමදේම හොද විදිහට වුනා. මම මෙතනට ගොඩාක් බය වෙලා ආවත් ජිමින්ව දැක්කට පස්සෙ මගෙ හිතේ බය නැති වුනේ ඇයි කියන්න මමවත් හරියට දන්නෙ නෑ... එයා මගේ නමට දිවුරුම් දෙද්දී මගෙ අතට මුද්ද දාද්දී කවදාවත් නොදැනුනු තරම් සතුටක් මගෙ හිතට දැනුනා. ඒ වගේම ජිමින් මගෙ නළලට දුන්න හාදුවත් එක්ක මට එයාගෙන් ලොකූ ආරක්ෂාවක් දැනුනා.

MR. COLDY Место, где живут истории. Откройте их для себя