Chapter 09

1.2K 219 45
                                    


@ House
Mi Su's Pov....

මම ගෙදර ඇවිල්ලා ඇදුම් මාරු කරලා ඇදට ඇවිත් ටිකක් ඇලවුනේ කරන්න වැඩකුත් නැති නිසා නිදාගන්න හිතාගෙන. මම ජිමින්ට කෑම එක දීලා එයා කනකන්ම එතනට වෙලා ඉදලා අන්තිමට එයාට කිස් එකකුත් දීලා ඔෆිස් එකෙන් එළියට ආවේ.

ඇත්තටම මම හිතුවේ මාව නපුරු විදිහට බැනලා එලවගනියි කියලා. එහෙම කලේ නෑ එයා...එයා මම හිතුවට වඩා හොදයි. ඔහොම රවාගෙන හිටියට එයා අහිංසකයි.

මම එයාට කිස් එකක් දුන්නේ ආපු ක්ෂණික සිතුවිල්ලකට. එයා කනකොට ඒ කම්මුල් බෝල වගේ වෙනවා. අල්ලලා චප්ප කරන්න හිතෙනවා... මම බොහොම අමාරුවෙන් එයා කාලා ඉවර වෙනකන් ඒ කම්මුල් දිහා බලන් හිටියේ .  මට ඕන වුනා ඒ කම්මුල් එක පාරක් හරි අල්ලලා බලන්න.

ඒත් ඉතින් කොහොම අල්ලන්නද.... ඒ මනුස්සයා කට ඇරපු ගමන් බනින්න බලන්නෙ ඉන්නේ. ඒක නිසාම මම කෑම එක අරන් එන්න හදලත් ආයෙම වටෙන් ගිහින් ඉක්මනට නැවිලා ඒ කම්මුලට කිස් එකක් දුන්නා.

Ac එක නිසාද මන්දා.. ඒ කම්මුල් හරිම සීතලයී. මගේ තොල් වලට ඒ කම්මුල් වල සීතල හොදටම දැනුනා. මම එහෙම්මම නැගිටලා ඔෆිස් එකෙන් එලියට ආවා. එයා බය වෙලා වගේ බලන් ඉන්නවා මම දැක්කා.

ඔව් ඉතින් බය වෙන්න ඇති... මොන කෙල්ලද එහෙම එකපාරටම කිස් කරන්නෙ. ඒත් ඉතින් මොනා කරන්නද . එයාට කිසි වුවමනාවක් නෑනෙ.... 😒

ඒත් ඉතින් මොකුත් කිව්වෙත් නෑ.. ඒ කියන්නේ එයත් කැමති ඇති. අනික එයාව හුරතල් කරලා හරියන්නෙ නෑ. හරි මුරණ්ඩුයි. බල කලේ නැත්නම් කිසි දෙයක් කරගන්න බෑ. මන් ගානට හදලා ගන්නම්කො මිස්ට ජිමින් ඔයාව. ඔයා දන්නෙ නෑ මීසුගෙ හැටි. හුම්...

මනෝ පාර ගගහා හිටපු මගේ ඇස් දෙක එන්න එන්න බර වෙනවත් එක්කම මම ඇස් පියා ගත්තෙ ටිකක් නිදා ගන්න හිතන්...

.
.
.

@ Park Company
Author's Pov....

මේසෙ උඩ තිබුන ෆයිල් වලින් අන්තිම ෆයිල් එකත් චෙක් කරලා ඉවර වුනු ජිමින් ඒකට සයින් කරලා එහා පැත්තෙන් තිබ්බෙ බර හුස්මක් පිට කරන ගමන්. ඔළුවෙන් දැනුනු සියුම් වේදනාව නිසා අත්  වලින් නළල පිරිමදින ගමන් පුටුවේ පිටිපස්සටම ඇලවිලා ඇස් දෙක පියා ගත්තේ ඇගට දැනුනු තෙහෙට්ටුව නිසාමයි.

MR. COLDY Where stories live. Discover now