Two Months Later...Author's Pov..
මීසුට එකපාරම මහ පාන්දර ඇහැරුනේ දැනුන දරුණු ගණයේ බඩගින්නක් නිසා... බඩගිනි වෙලා ඇහැරිලා නිදන් ඉන්න ජිමින්ට වද දීලා නැගිට්ටවලා එක්කො එයාව මහ රෑ මැද්දට මාට් එකට යවලා කන්න මොනව හරි ගෙන්න ගන්න එක හරි නැත්නම් ජිමින්ටම කියලා මොනාම හරි හදවගෙන කන එක හරි මේ දවස්වල මීසු අතින් සතියට තුන් හතර පාරක්ම සිද්ධ වෙන සාමාන්‍ය සිදුවීමක්...
මීසුට රෑට කොච්චර කවලා නිදි කෙරෙව්වත් පාන්දරට මෙහෙම බඩගිනි දැනෙන එක නවත්තගන්න ජිමින්ට බැරි උනා... මීසු මුල් මාස තුනේ මොකුත්ම නොකෑවට දැන් අතට අහුවෙන ඕන දෙයක් කටේ දාගන්නෙ ඒ මාස තුනේ ඇරියස් එක පියවගන්නත් එක්කමයි....
මේ ළඟකදි මීසු හීනෙන් කෙසෙල් ඇවරියක් දැකලා එයා නැගිට්ට ගමන්ම ජිමින්ව එළියට යවලා හීනෙන් දැක්කා වගේම කෙසෙල් ඇවරියක් ගෙන්න ගෙන මුළු ඇවරියම ජිමින් ඉස්සරහම කාලා දැම්මා... කහපාටින් දිස්නෙ ගහන කෝලිකුට්ටු ඇවරියේ තිබ්බ කෙසෙල් ගෙඩි 18ම මීසු තමන්ගෙ ඉස්සරහ ඉඳගෙන එකින් එක විනාඩි පහක් යන්නත් කලින් කාලා ඉවර කරනවා දකිද්දි ජිමින්ට කන් දෙකේ ඉඳන්ම හීන් දාඩිය දැම්මෙ මීසුගෙ බඩගින්න ගැන දැකලා.... කෙසෙල් ඇවරියම කාලා ඉවර උනාට පස්සෙ තමා මීසු තමන්ගෙ හීනෙ තිබුනා වගේම කෙසෙල් ඇවරියක් ගෙනල්ලා දුන්නට ජිමින්ට තැන්ක් යූ කියලා කිස් එකක් දුන්නෙ...
ඕවගේ ජිමින්ව සප්‍රයිස් වෙන සිදුවීම් මේ මාස දෙකේම හරි හරියට සිද්ධ උනා... දැන් මීසුගෙ බණ්ඩියට මාස පහක් නිසා මීසුට පොළව හරියට නොපෙනෙන තරමට බඩ ඉස්සරහට ඇවිත්... මීසු එහාටයි මෙහාටයි ඇවිදින හැම පාරකම ජිමින්ට පේන්නෙ බෝලයක් ෆ්ලෝ එක දිගේ එහාටයි මෙහාටයි පෙරළෙනවා වගේ...
සයිඩ් එකකට හැරිලා ජිමින්ගෙ නිරුවත් පපුවට තමන්ගෙ පිට හේත්තු කරගෙන නිදාගෙන හිටපු මීසු හෙමීට ඇඳේ උඩු අතට හැරිලා, සයිඩ් එකට හැරිලා නිදන් ඉන්න ජිමින්ගෙ ඇඟට තමන්ගෙ බඩ හේත්තු කලා.. මීසු හෙලවෙනකොට ජිමින් මීසු වටේට දාන් හිටපු අත නින්දෙන්ම පොඩ්ඩක් ලිහිල් කලත් මීසු උඩු අතට හැරුනම ආයෙම මීසු වටේට අත දාගෙන බදාගත්තා...
YOU ARE READING
MR. COLDY
Romanceආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun