Author's Pov..." මට සමාවෙන්න ජිමින්... මන් මට පුළුවන් උපරිමෙන්ම උත්සහ කලා... "
ජින් ඇස් වල කඳුලු පුරවන් කියද්දි ජින්ගෙ අත අල්ලගෙන හිටපු ජිමින්ගෙ අත ඉබේම අතෑරුනා....
" හියොන්... "
ජිමින් ජින්ගෙ දිහා අසරණ විදිහට බලන් ඉද්දි ජින් මාස්ක් එක ආයෙමත් දාගෙන වෝඩ් එක ඇතුළට ගියේ ජිමින්ටත් එයාගෙ පස්සෙන් එන්න කියාගෙන...
" කාර් එක ඇතුළෙදි මීසුගෙ වෝටර් බෑග් එක කැඩිලා නිසා බබා බඩ ඇතුළෙදිම හුස්ම ගන්න ට්‍රයි කරලා... එයාගෙ පෙනහලුවලට වතුර පිරිලා... අම් සොරි ජිමින්.. බබාව බේරගන්න බැරි උනා... එයා බඩේදිම නැති වෙලා... මීසුගෙ තත්වෙත් ගොඩක් අවධානම්... පැය 6ක් ඇතුළත සිහිය ආවෙ නැත්නම් එයා ගැනත් බලාපොරොත්තු අතාරින්න වෙනවා... "
ජින් වෙව්ලන කටහඬෙන් හෙමීට මුමුණලා වෝඩ් එක ඇතුළට ඇවිත් රූම් එකේ එහා කොනට වෙන්න හිටගන්නකොට බිම බලාගෙන ජින්ගෙ පස්සෙ එන ගමන් ජින් කියපු දේවල් හීනෙන් වගේ අහන් හිටපු ජිමින් වෝර්ඩ් එක ඇතුළට ඇවිත් ඔලුව ඉස්සුවා....
රූම් එකේ මැද මැෂින් ගොඩකට වට වෙලා එයාගෙ මීසු ඉන්නව දකිද්දි ජිමින්ගෙ කකුල් දෙකත් එක්කම වෙව්ලන්න ගත්තා... එයා අමාරුවෙන් මීසු හිටිය ඇඳ ගාවට ගිහින් මීසු දිහා බලාගෙනම ඇඳට හේත්තු උනේ ජිමින්ට හිටන් ඉන්නවත් පණක් නෑ වගේ එයාට දැනුන නිසා...
මීසුගෙ ඇඟේ ගොඩක් තැන් බැන්ඩේජ් කරලා තිබුනා... ඒ වගේම ඉඩ තියන හැම තැනකින්ම මීසුගෙ ඇඟට මැෂින් ගොඩාක් කනෙක්ට් කරලා තිබුනා...
ඇස් පියවෙලා තියන මහන්සි පාට මීසුගෙ මූණ දකිද්දි ජිමින්ට ඉකි ගැහුනා... එයා හීරිමක්වත් වෙන්න නොදී මලක් වගේ පරිස්සම් කරපු එයාගෙ මීසු තමන්ගෙ ඇස් ඉස්සරහම මෙහෙම ඉන්නව දකිද්දි ජිමින්ට එයාගෙ පපුවට කවුරුහරි පිහියෙන් අනිනවා වගේ දැනුනා...
ජිමින්ට මේ හැඟීම නුහුරුයි... ජීවිතේ පළවෙනි පාරට ජිමින්ට දැනුනා මහ අමුතු බයක්... වෙනදට එයා ගාව හුරතල් වෙවී තොරතෝන්චියක් නැතුව විකාර කියව කියව ජිමින්ගෙ ඇඟේ දැවටෙන එයාගෙ පණ ටික මෙහෙම හෙලවීමක්වත් නැතුව සුදු ඇඳක් උඩ ඇස් පියාගෙන ඉන්නවා දකිද්දි ජිමින්ට මහ මූසල හැඟීමක් දැනුනා... හරියට ආයෙමත් කවදාවත් එයාට එයාගෙ මීසුව දකින්න බැරි වෙයි වගේ මහ අමුතු හිස් හැඟීමක්...
KAMU SEDANG MEMBACA
MR. COLDY
Romansaආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun