Epilogue

1K 168 99
                                    


After One Month...

Author's Pov...

" කෝ අනේ ජීසු මේකත් කාලා ඉන්නකො... දැන් පැයක් තිස්සෙ මන් මේ පිඟාන උස්සන් හතර වටේ දුවනවා..."

ජීසුගෙ බත් පිඟාන අතේ තියාගෙන සෝෆා එක ලඟට එන ගමන් මීසු කියනකොට ජීසු මීසුට රවලා සෝෆා එක උඩින් පැනලා පඩිපෙළ දිගේ උඩට දිව්වා...

" යාහ්... කියන දෙයක් අහන්නෙම නෑ... ඉන්නවකො මන් අල්ලගන්නකන්... "

මීසු ජීසුගෙ පස්සෙන් පඩිපෙළ දිගේ උඩට එනකොට ජීසු ජිමින්ගෙ ඔෆිස් රූම් එක ඇතුළට රිංගගත්තෙ ලැප් එක දිහා බලන් හිටපු ජිමින්ගෙ අවධානෙත් එයාගෙ පැත්තට ගන්න ගමන්...

" අප්පා.. බලන්නකො මේ ඔම්මා එක්ක බෑනෙ... බබාට දැන් ඇති කියන්නකෝ... "

ජීසු ජිමින්ගෙ මේසෙ අස්සෙන් රිංගලා ජිමින්ගෙ ඔඩොක්කුවෙන් ඇවිත් වාඩි වෙන ගමන් කියනකොට ජිමින් ජීසුව අල්ලගෙන ඔෆිස් එකේ දොරෙන් ඇතුළට ආපු මීසු දිහා බැලුවා...

" චිම් මෙයාට මේ කට කන්න කියන්න... ඔයාලට තේරෙන්නෙ නැද්ද අනේ මට තව කොච්චර වැඩ කරන්න තියෙනවද... තාම ඩිනර් එක හදන්න ඕනෙ බඩු ටික ලෑස්ති කලෙත් නෑ..."

මීසු සුපුරුදු ලෙසම එක දිගට කියවන ගමන් ජිමින් වාඩි වෙලා හිටපු පුටුව ලඟට ඇවිල්ලා බත් කට ජීසුට ලන් කරන ගමන් කියනකොට ජීසු ජිමින්ගෙ පපුව අස්සෙ ඔලුව ගහගත්තා...

" ප්‍රින්සස් මේ කට කාලා ඉන්නකො... පවු නෙ ඔම්මා... මන් අහගෙන හිටියෙ ඔයා දැන් ගොඩ වෙලාවක් තිස්සෙ එහෙට මෙහෙට දුවනවා... "

ජිමින් මේසෙ උඩ තිබුන ලැප් එක එහාට කරලා ජීසුව උස්සලා අරන් ටේබල් එක උඩ ඉන්දන ගමන් කියනකොට ජීසු ඔලුව උස්සලා කට උල් කරන් මීසු දිහා බැලුවා...

" සී... මේක කෑවම ඔක්කොම ෆිනිශ්... එතකොට තමා මගේ ජීසු ඉක්මනට ලොකු බබෙක් වෙන්නෙ... "

බත් කට අතට අරගෙන පිඟාන මේසෙ උඩින් තියලා අනිත් අතෙන් ජීසුගෙ මූණට වැටිලා තිබුන කොන්ඩෙ පිටිපස්සට කරන ගමන් මීසු කියනකොට ජීසු ටික වෙලාවක් මීසු දිහා බලන් ඉඳලා එයාගෙ කට ඇරියා...

" වාව්... බලන්න මගෙ මැණික තමා හොඳම... "

මීසු ජීසුට බත් කට කවලා අනිත් අතෙන් මේසෙ උඩ වාඩි වෙලා හිටපු ජීසුව එයාගෙ අත් අතරට ගත්තා...

MR. COLDY Where stories live. Discover now