@ Home
Author's Pov...ජිමින් හිටියෙ කණ්නාඩි මේසෙ ඉස්සරහ....
කොල්ලා තොලත් හපාගෙන හෙන අමාරුවෙන් ටයි එක දාලා කණ්නාඩියෙන් බලලා ආයෙම ටයි එක ගැලෙව්වේ ටයි එක වෙනදට මීසු දානවා වගේ දිගට ආපු නැති නිසා..
ඒත් එක්කම වගේ මීසු රූම් එකට ආවෙ ජිමින්ට කන්න කතා කරන්න...ඒත් මීසු දැක්ක දේ නිසා එයා කෑගැහුවෙ රූම් එකේ දොර ලග ඉදන්මයි...
" යාහ් පර්ක් ජිමින්.. "
කවදාවත් නැතුව මීසු තමන්ට ජිමින් කියලම කතා කරපු නිසා ජිමින් කලබල වෙලා පිටිපස්ස හැරිලා බැලුවෙ මීසු දිහා... එතකොට ජිමින් දැක්කෙ ඇස් වලින් තමන් දිහාට දවා අලුවෙන බැල්මක් දාන ගමන් තමන්ගෙ පැත්තට එන මීසුව...
" මන් කිව්වා නේද මේක අදින්න කියලා ආ... අනික තකහනියක් අයන් කරල නවල ඇද උඩිනුත් තිබ්බා... ඒක ගන්නෙ නැතුව කොහෙන්ද ඔය පොඩි උන ශර්ට් එකක් අරන් ඇන්දෙ ආ... "
මීසු එක දිගට කියන් යනකොට ඒ කිසි දෙයක් ගනන් නොගෙන ජිමින් කණ්නාඩිය පැත්තට හැරුනෙ මීසු අයන් කරලා තිබ්බ ශර්ට් එකට ජිමින් පොඩ්ඩක්වත් ආස නැති උන නිසා..
" දැන් කට නෑද කතා කරන්න... "
තමන්ව ගනන් නොගෙන ඉන්න ජිමින්ගෙ ඉස්සරහට ගිහින් මීසු ඇහුවෙ ජිමින් ටයි එක දාපු ගමන්ම ජිමින්ගෙ අත් අයින් කරලා ටයි එක ආයෙම ගලවන ගමන්...
" යාහ්.. අමාරුවෙන් දැම්මෙ මොකද ඕක ගලවන්නෙ ආ... "
" මොන විදිහට දැම්මත් මට වැඩක් නෑ.. අද අදින්න ඕනෙ අර ශර්ට් එක... ගලවන්න මේක... බලන්න පොඩි වෙලත් එක්ක... ඔහොමද ඔෆිස් යන්නෙ ආ... "
මීසු තමන්ට රවන ජිමින්ගෙන් ඇහුවෙ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්...
" ඒක අදින්න බෑ... මම ඒකට ආස නෑ... "
ජිමින් කිව්වෙ මීසුගෙ අත පහලට දාලා ආයෙම ශර්ට් එක ඇදගන්න ට්‍රයි කරන ගමන්..
" ඔයා ආස උනත් නැති උනත් මට වැඩක් නෑ... මම ආසයිනෙ... ඒ නිසා අදින්න ඕනෙ.. "
මීසු ජිමින් ඇදන් හිටපු ශර්ට් එක ගලවලා අනිත් එක අන්දවන්න ගත්තා..
YOU ARE READING
MR. COLDY
Romanceආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun