Mi Su 's Pov..පාන්දරම මම ඇහැරුනේ කවදාවත්ම නැතුව ඇගට දැනුනු අමුතු උණුසුම එක්ක... හෙමීට ඇස් ඇරලා ටේබල් ලෑම්ප් එක ඔන් කරපු මම දැක්කේ කවදාවත්ම හීනෙන්වත් බලාපොරොත්තු නොවුන දෙයක්...
ජිමින් මාව තදට බදාගෙන එයාගෙ ඔලුව මගේ බෙල්ල අස්සෙන් තියාගෙන ඩුවට් එකත් බෙල්ල ලගට වෙනකන්ම පොරවගෙන ලාවට කෙදිරි ගාන ගමන් නිදි... ඇත්තටම මම ඒ දැකපු දේ නිසා එක අතකින් අනිත් අත කොනිත්තගෙන ආයෙම ඇස් පිහදගෙන බැලුවේ මම හීනයක්වත් දකිනවද කියලා හිතලා...
කවමදාවත්ම මම ජිමින්ව බදාගත්තට ජිමින් මගේ ලගට මෙහෙම තුරුළු වෙලා නෑ... හිත පුරා දුවන අමුතු නොසන්සුන් කමත් එක්ක මම ජිමින් දිහා බලන්න ඔලුව උස්සන්න හැදුවා.... ඒත් එක්කම ජිමින් කෙදිරි ගෑවෙ මම ඔලුව ගන්නවට එයා අකමැතියි කියලා කියන්න වගේ...
" චිම්...මොකද මේ.. කෝ පොඩ්ඩක් එහාට වෙන්න.. මට නැගිටින්න..."
" ය-යන්න එපා.... "
ජිමින් හීනි කෙදිරිල්ලකින් වගේ කිව්වෙ මාව තව ටිකක් තදට තුරුලු කරගන්න ගමන්....
" මොව්..? චිම් ඇයි මේ ආ.. මොකද උනේ කෝ නැගිටින්න බලන්න ඉක්මනට... ඔයා ගාව රස්නෙයි ගොඩක්... "
" යන්න එ-එපා.... මට සී..තලයි... "
" යාහ් කෝ.. නැගිටින්න.. "
ජිමින් කොච්චර කිව්වත් අහන්නෙ නැති නිසා ලෝබකමෙන් උනත් බලෙන්ම එයාව එහාට කරලා මම ඉක්මනට නැගිටලා රූම් එකේ ලයිට්ස් ඔන් කලා.. මම එහාට උන ගමන්ම ජිමින් මුලු ඩුවට් එකම ඇග වටේටම ඔතා ගත්තෙ එයාට සීතල වැඩියෙන් දැනුන නිසා වෙන්න ඇති...
මම ඇද වටෙන් ජිමින් ලගට ගිහින් එයාගෙ එහා පැත්තෙන් වාඩිවෙලා ඩුවට් එක එයාගෙ මූණෙන් අයින් කලේ උණ බලන්න හිතාගෙන.... එතකොටයි මම දැක්කෙ ජිමින්ගෙ මූණ හොදටම සුදු මැලි වෙලා කියලා... එයාගෙ තොල් වේලිලා ගිහින් සීතලට වෙවුලනවා...
ඩුවට් එක අයින් කලාම එයා කෙදිරි ගානකොට මම හෙමීට අත තියලා බැලුවෙ එයාගෙ නළලට... එයාට හොදටම උණ.. මගෙ අත පිච්චෙන්න තරම් රස්නයක් එයාගෙ ඇගෙන් මට දැනුනා... කවමදාවත් ජිමින් මේ විදිහට ඉන්නවා දැකලා තිබුනෙ නැති නිසා මගෙ හිතට දැනුනෙ මහ අමුතු බයක්....
YOU ARE READING
MR. COLDY
Romanceආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun