Chapter 15

1.3K 231 136
                                    


Author's Pov...
@ Park Company

ගෙවුනු සතිය පුරාවටම ජිමින් හිටියේ ඔෆිස් එකේ වැඩත් එක්ක හිරවෙලා... තව දවස් තුනකින් තියන චෝයි කම්පැනි එකේ කන්ට්‍රැක් එක වෙනුවෙන් ජිමින් මේ සතිය පුරාම මහන්සි වෙලා ප්‍රොජෙක්ට් එකයි ප්ලෑන් එකයි රෙඩි කලා...

එදා අසනීප වුන දවසට පහුවෙනිදම ජිමින් ඔෆිස් ආවෙ නම්ජූන් කෝල් කරලා ඩීල් එක ගැන කියපු නිසා...එදා ඉදන් අද වෙනකන්ම උදේම ඔෆිස් එකට ආවම ආයෙම ගෙදර යන්නෙ පාන්දර එකට විතර... ජිමින් කොච්චර මහන්සි උනත් මීසුත් මොකුත් නොකියා ජිමින්ගෙ පස්සෙන්ම ඉදන් ජිමින්ට උදව් කලේ පහු ගිය ටිකේ නැතිඋන කන්ට්‍රැක් නිසා සිද්ද වෙච්ච පාඩුව පියවගන්න තිබුන හොදම මාර්ගේ මේ චෝයි කම්පැනි එකේ කන්ට්‍රැක් එක කියලා මීසුටත් තේරුන නිසා...

ලැප් එකට මූණ ඔබාගෙන මොනව හරි ටයිප් කරන ගමන් හිටපු ජිමින් ඔලුව ඉස්සුවේ කවුරුහරි ඔෆිස් එකේ දොරට තට්ටු කරපු නිසා...

ඔලුව උස්සලා ඔරලෝසුව දිහා බලපු ජිමින්ගෙ මූණෙ පුන්චි හිනාවක් ඇදුනේ මේ වෙලාවට එන්නෙ කවුද කියලා ජිමින් හොදටම දන්න නිසා...

" Come In.."

ආපු කෙනාට ඇතුළට එන්න කියලා ජිමින් ආයෙමත් ලැප් එකට එබුනා...

ඒත් එක්කම වගේ ඔෆිස් එක ඇතුලට ආපු මීසු හති අරින ගමන් ජිමින්ගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා...

" ඔම්මෝ... හති මට.... මේ චිම් "

තාමත් තමන් ආවා කියලා ගානක් වත් නැතුව තොලත් හපාගෙනම මොනා හරි ටයිප් කරන ජිමින්ට මීසු කතා කලා...

" හම්ම්ම්... "

" ඔයාට බැරිද අපේ ගෙදර බැල්කනි එකේ ඉදලා මේ ඔෆිස් එකේ බැල්කනි එකට වෙනකන් උඩින් කේබල් ඇදලා ලිෆ්ට් එකක් සෙට් කරන්න.... "

මීසු කටත් උල් කර කර ජිමින් දිහා බලන්ම කියනකොට මෙච්චර වෙලා ලැප් එකට ඔබන් හිටපු මූණ ජිමින් මීසු දිහාට හැරෙව්වා....

" මොව්... "

" නෑ ඉතින් මන් කිව්වෙ එහෙම කලානම් ලේසිනේ... මට මෙහෙම හති අරින්න ඕනෙත් නෑ... "

ඇද වෙච්ච මූණත් එක්කම මීසු කියවනකොට ජිමින්ගෙ ඔලුවෙ තිබුන සේරම ප්‍රශ්න මොහොතකට අමතක වෙලා කටට හිනාවක් ආවත් ජිමින් සුපුරුදු විදිහටම හිනාව හන්ගගෙන සීතල මූණකින් මීසුට කතා කලා..

MR. COLDY Où les histoires vivent. Découvrez maintenant