Author's Pov...මීසු කෙලින්ම කම්පැනි එකේ ඉදන් ගෙදරට ආවෙ පයින්මයි... විනාඩි 10ක් විතර එක දිගට ඇවිදන් ආවත් කෙල්ලගෙ ඔලුවෙ වැඩ කලේ ජිමින්ගෙ වචන නිසා ගෙදරට එනකන්ම මීසු තමන් ගේ ලගටම ඇවිල්ලා කියලා දැනන් හිටියෙ නෑ...
ගේ ඇතුලට ඇවිල්ලා හෙමීට දොර වහලා මීසු එහෙම්මම දොරට හේත්තු වෙලා වාඩි උනා...
අද ජිමින් හිටියෙ තරහින් කියලා මීසු දන්නවා වුනත් එවෙලෙ ජිමින්ගෙ කටින් පිටවුනේ එයාගෙ ජීවිතේ ගැනයි මීසු ගැනයි වචන කියන එක මීසුගෙ හිතට තදින්ම දැනුනා...
මීසු ජිමින්ට ලන් වෙන හැම වෙලාවකම ජිමින් මොකුත් නොකියා මීසු දිහා බලන් ඉන්න නිසා මීසු තව තවත් ජිමින් ලගට තුරුලු උනා මිසක් සමහරවිට ජිමින් ඒ වෙලාවල් වලදි මීසුව පැත්තකට කලානම් කවදාවත් මීසු එහෙම ජිමින් ලග දැවටිලා ඉන්නෙ නැති වෙන්න තිබුනා....
ජිමින්ට තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න කියපු එකත් එයාගෙ ජීවිතේට ඇගිලි ගහන්න එන්න එපා කියපු එකත් ඈතකට යන්න කියපු එකත් මීසුට ආයෙ ආයෙ මතක් වෙන්න ගත්තෙ මීසු ජිමින්ට බල කරවලා කරගත්ත සමහර දේවලුත් එක දිගට මීසුගෙ ඔලුවට ගලන් එද්දී.....
ජිමින් තමන්ට ආදරේ නොකරන නිසා සමහරවිට ජිමින්ට මීසුගෙ හැසිරීම කරදරයක්දෝ කියලා හිතන්න තරම් ජිමින්ගෙ කටින් අද පිටවුන වචන මීසුගෙ හිතට බර වැඩි උනා...
ටික වෙලාවක් ජිමින් ගැනයි අද උන දේවල් ගැනයි කල්පනා කරලා මීසු හෙමීට නැගිට්ටෙ ආයෙ ජිමින්ගෙ ජීවිතේට කරදරයක් වෙන්නෙ නෑ කියලා හිතාගන්න ගමන්... හෙමීට නැගිටලා තමන්ගෙ කම්මුල් දෙපැත්තෙ බේරිලා ගියපු කදුලු පිහදගත්ත මීසු එහෙම්මම රූම් එකට ගිහින් ඇදට වැටුනෙ ඇගට වඩා හිතට දැනුන මහන්සිය නිසා...
.
.
.
තමන්ගෙ ඔෆිස් එකෙන් එළියට ආපු ජිමින් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරන් ආවෙ ලී කම්පැනි එකට.... මේ වෙලාවෙ එහෙට යන්න කිසිම වුවමනාවක් නොතිබුනත් ජිමින්ගෙ කේන්තිය ජිමින්ව ලී ගාවටම ගෙනියන්න තරම් ප්‍රබල උනා...කාර් එකෙන් බැහැපු ජිමින් කෙලින්ම ලී කම්පැනි එක ඇතුලට ගියේ කම්පැනි එකේ ගාඩ් එක වගේම සමහර සේවකයොත් බලෙන් ඇතුළට ආපු ජිමින්ගෙ පස්සෙන් ජිමින්ව නවත්තන්න එනකොට...
YOU ARE READING
MR. COLDY
Romanceආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun