Chapter 32

1K 201 64
                                    


Author's Pov...

මීසු හෙමීට ඇස් ඇරලා ඩුවට් එක පොඩ්ඩක් පහළට කරලා ජිමින්ගෙ තුරුලෙන් ඈත් වෙලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන ඩිජිටල් ඔරලෝසුව දිහා බැලුවා... වෙලාව පාන්දර දෙකයි කාලයි කියලා සටහන් වෙලා තියෙනවා දැක්කම මීසු ඈනුමක් ඇරලා ආයෙමත් ජිමින්ගෙ අත් අතරට ගුලි උනා...

ඊයෙ සෝහිලා ගෙදර ගිහින් හවස හතට විතර ගෙදර ඇවිත් එහෙම්මම වොශ් දාන් ඇඳට වැටිලා වේලාසනම නිදාගත්ත නිසා මීසුට පාන්දරම නිකන්ම ඇහැරුනා... මීසු කියන්නෙ සාමාන්‍යයෙන් නින්ද අතරමඟදි නැගිටෙන්නෙ නැති කෙනෙක්... බැරිවෙලාවත් එහෙම ඇහැරුනොත් එයාට ආයෙම පැයක් දෙකක් යනකන්වත් නිදාගන්න බෑ...

ජිමින් ලාවට ගොරවන ගමන් මීසුව බදාගෙන සනීපෙට නිදන් ඉන්නකොට ජිමින්ගෙ අතක් උඩ ඔලුව තියන් හිටපු මීසු එහාට මෙහාට හැරි හැරි ආයෙම නිදාගන්න ට්‍රයි කලා... පැය බාගයක් විතර මීසු හිත එක තැනක තියාගෙන ඇස් පියන් ආයෙම නිදාගන්න ට්‍රයි කලත් එයාට බැරි උන නිසා මීසු කටත් උල් කරන් ජිමින්ගෙ ඇඟ උඩට ඇවිත් ජිමින්ගෙ මූණ ගානට ඉස්සුනේ එයාව නැඟිට්ටවන්න හිතාගෙන...

ටික වෙලාවක් ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනට නිදන් ඉන්න එයාගෙ හස්බන්ඩ් දිහා බලන් හිටපු මීසු මූණ උස්සලා ජිමින්ගෙ නළලට කිස් එකක් දුන්නා...

" චිම්.... "

මීසු කතා කලත් ජිමින් තාමත් සනීපෙට නිදන් ඉන්න නිසා මීසු ජිමින්ගෙ ඇස් වලින් කිස් දෙකක් තිබ්බා.. 

" චිම් නැගිටින්නකෝ... "

මීසු ජිමින්ගෙ නිරුවත් පපුව උඩට ඇවිත් එයාගෙ අත් දෙක ජිමින්ගෙ කම්මුල් දෙපැත්තෙන් තද කරලා ජිමින්ගෙ උල් වෙච්ච තොල් වලට පෙක් එකක් දුන්නා...

" යාහ්... නිදි කුම්බරයෙක් වගේ ඔහොම නිදන් ඉන්නවද ආ මන් මෙතන නිදාගන්න බැරුව ඉද්දි... "

මීසු ජිමින්ගෙ කම්මුල් වලින් එයාගෙ අත් අයින් කරලා ඒ බෝල කම්මුලක් ලාවට හපලා කියනකොට ජිමින් නින්දෙන්ම කෙඳිරි ගාලා මූණ අනිත් පැත්ත හැරෙව්වා....

මීසු නිදන් ඉන්න ජිමින්ට රවලා ඩුවට් එක උඩටම පොරවගෙන ජිමින්ගෙ ඇඟ උඩ ඉඳගෙනම ආයෙ නිදාගන්න හිතාගෙන ඇස් පියාගත්තා... ටික වෙලාවක් එහෙම හිටියත් නින්ද කෙසේවෙතත් ඇස් පියා ගත්තම එයාට එක එක විකාර මතක් වෙන නිසා මීසු නහයෙන් අඬන ගමන් ආයෙම ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා...

MR. COLDY Opowieści tętniące życiem. Odkryj je teraz