🔮 Introduction 🔮

592 13 0
                                    


මේ විශ්වය කෙතරම් නම් විශාලයි නේද ? ඒ විශාල තරම් වගේම කොයිතරම් නම් රහස් සඟවාගෙන ඇතිද , මේ සූදානම් වෙන්නෙත් ඒවගේ  තවත් එක් ඒ වගේ රහසක් විසඳීමටයි.

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

අපි ජීවත්වෙන මේ ක්ෂීරපථයේ කෙලවර පිහිටි ජීවින් ජීවත්වෙන විශ්වක ග්‍රහලොව අනෙක් ග්‍රහලෝකයන්ට වඩා වෙනස් වූයේ එහි සිටි  සමහරක් ජීවින් සතුවූ එක්තරා අසාමාන්‍ය බලය නිසයි .

බාහිර පෙනුමෙන් මිනිස්සුන්ට සමාන වුනත් ඔවුන් සතුව සුවිශේෂී බලයක් ගැබ්ව තිබුනා. මොවුන්ව හැඳින්වූයේ විශ්වකයන් ලෙසයි.

විශ්වකයන්ට මේ බලය හම්බවුනේ ඉතා පැරනි , ශ්‍රේෂ්ඨ මායාකරුවෙක්ගෙන් .ඔහු නමින් සෝරස් .

සෝරස් තමයි විශ්වක ග්‍රහලොවේ නිර්මාතෘ . සැබවින්ම අදුරට පමණක් උරුම වූ මේ දේශය පරසතුරන්ගෙන් රැක ගැනීමට ඔහු සමත් වුනා..
නමුත් ඔහු වයසට යාමත් සමඟ මේ දේශය ආරක්ෂා කර ගැනීමට ඔහු තම බලයන් සියල්ල ඔහුගේ නයිට්වරුන්ට ප්‍රධානය කර මිය ගියා.

සෝරස් මිය යාමට ප්‍රථම එක් එක් බලයන් නයිට්වරුන්ගේ ජීවයට මුසු කරා . ඒ බලයත් සමගම . දේශය සුරැකීමේ වගකීම ඔවුන්ට බද්ධ වෙලා තිබුනේ.

පැරණි විශ්වකවරු මොවුන්ගේ බලය අනිසි ලෙස භාවිතයෙන් සිදු විය හැකි විපත කල්තියා හඳුනා  ගත්තා. ඒ හින්දා මේ විශ්වකවරුන් එකතු වී මොවුන්ගේ බලය යහපත්ව යොදාගැනීමට පුරුදු කර ලීමට පටන් ගත්තා. එය තමයි "විශ්වක  පාසල ."

මෙහිදී කරන්නේ බලය ගැන දරුවන් කුඩා කාලෙදීම හඳුනාගෙන විද්‍යාලයට ඇතුලත් කරනවා.
නිසි වයස එලඹෙන තුරු බාහිර ලෝකේ සමග කිසි ගනුදෙනුවක් බෑ. වයස එලඹෙන තුරු අම්මා , තාත්තවවත් හමුවෙන්න බෑ .

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

සෝරස්තුමාගේ ප්‍රධාන නයිට්වරු අතර එක් අයහපත් සෙවනැල්ලක් ඉදියා. එයා තමයි කාල් . එයාට සිතූ සැනෙකින් යම් වස්තුවක ජීවය උදුරා ගන්න පුළුවන් . සෝරස්තුමාගේ ප්‍රධාන බලයක් හිමි නිසා හැමෝම වගේ එයාට බියවුනා. ඒ වගේම ඔවුන් නොදන්නා රහසකුත් තිබුණා. ඒ කාල් තමයි මීළග අදුරු රාජධානියේ කුමාරයා. 

🔮 විශ්වක පාසල 🔮 ☑️Where stories live. Discover now