සකුරගේ වටේට වටවෙලා හිටපු කාටවත් ඒ සලකුණ අඳුරගන්න බැරි වුනත් සකුරගේ හිතේ නම් ඇදුනේ අමුතු දෙගිඩියාවක්....
මේ මොකද්ද මේ සලකුන....කවුරුහරි මේ සලකුන දැකලා තියෙනවද ? ආචාර්යතුමා අහද්දි හැමෝම ඔලුව දෙපැත්තට වැනුවේ නොදන්නා බව පවසමින්.....
ඔයා දන්නවද සකුරා මේ ගැන ? ආචාර්යයතුමා ඇහුවේ තාමත් සලකුන දිහා බලාගෙන ඉන්න සකුරගෙන්
මට මේක හිතාගන්නවත් බෑ අාචාර්යතුමනි ... මේ සලකුන මම දැකලා තියෙනවා..සකුරා කියද්දි හැමෝම බලාගෙන හිටියේ පුදුමයෙන් සකුරගේ මූණ දිහා....
දැකලා තියෙනවද ? කොහෙදිද දූ ඔයා මේක දැක්කේ ? සෙයින් අහද්දි සකුරා සිතුවමෙන් දෑස් අහකට ගෙන බැලුවේ සෙයින් සර්ගේ මූණ දිහා...
මම මේක දැකලා තියෙනවා තාත්තේ.....ඒත් මෙහෙදි නෙවෙයි....
මොකක්....මෙහෙදි නෙවෙයි ? ඔයා කියන්න හදන්නේ මොකද්ද සකුරා ? මට මුකුත් තේරෙන්නෑ....රිකී වගේම අනික් අයත් හිටියේ හිතාගන්නවත් බැරුව..
මේක අපේ ලෝකෙදි මම දැක්කේ ...මේ අපේ ලෝකේ තියෙන කෞතුකාගාරයක සලකුනක්.....
ඔයාට වැරදීමක් වෙන්න බැරිද සකුරා ? කාල් ඔය වගේ මිනිස්සු ගැවසෙන තැනක ඕක හංගන්න විදිහක් නෑ....රිචඩ් සර් කිව්වත් ඒ කතාව සකුරා පිලිගන්න කැමති වුනේ නෑ.....
නෑ රිචඩ් සර් ....මට හොඳටම විශ්වාසයි මේ තියෙන්නේ ඒ සලකුනමයි කියලා...මොකද මේ සලකුන මමයි මගේ හොඳම යාලුවා ජොආනා තමයි හැදුවේ.....මේ සලකුන හදපු එකට අපිට තෑග්ගකුත් හම්බුනා...මට හොඳටම විශ්වාසයි සර්...මේ ඒ සලකුනම තමයි....සකුරා කිව්වේ තමන්ගැනම විශ්වාසයෙන්. .....
ඒත් එහෙම වෙන්නේ කොහොමද ? රිචඩ් සර් කියද්දි කතාවට බාධා කරමින් කතා කලේ ෂියෑං සර්...
සකුරගේ කතාව හරි රිචඩ් ..කාල් අපි හිතනවටත් වඩා කපටි....ඒ ලෝකේ කවුරුත්ම සැක කරන්නේ නෑ එතකොට මේ ගැන..මොකද ඒ දේ ගැන ඒ කවුරුවත්ම නොදන්න නිසා .....අනික කාල් ගාවටත් වඩා ඒක එතන ගොඩක්ම ආරක්ෂිතයි.....
එහෙනම් අපිට තියෙන්නේ ඉක්මනට එහෙට ගිහින් ප්රේහේලිකාව අරන් එන්න...ඊට පස්සේ කාල්ව විනාෂ කරන්න පුලුවන් සදහටම...සකුරා කියද්දි රිකී වගේම අනික් අයත් ඒකට එකඟ වුනා....
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Randomමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...