කාල්ගේ බෙල්ලට තියලා තිබුන කිනිස්ස සෙයින්ගේ අතින් වැටුනේ ඔහුටවත් නොදැනීම....
සෙයින් වගේම රශීනුත් කාල්ගේ සෙබලු ගෙනාපු ඒ අය දිහා බලාගෙන හිටියේ මුකුත්ම හිතාගන්න බැරුව...
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සර් මම මියුසියම් එකේ පවර් සප්ලයි එක විනාඩි තුනකට නවත්තන්නම්.....එතකොට මේ හැමතැනම කලුවර වෙනවනේ...ඒ විනාඩි තුන ඇතුලත සර් ඔටුන්න ගාවින් මතුවෙලා ප්‍රේහේලිකාව අරන් එලියේ ඉන්න සර්....මෙතනට ආවොත් අනිත් අය ප්‍රේහේලිකාව දකියි...ඒ නිසා සර් ඉක්මනට එලියට එන්න...මම එලියේ ඉන්නම් සර්....හැබැයි සර් කරන්ට් එක එන්න කලින් එතනින් අයින් වෙන්න..නැත්තම් අපි දෙන්නවම අහුවෙයි සර්.....සකුරා කිව්වේ රිචඩ් සර්ගේ කනට කරලා රහසින්....
එහෙනම් හරි එහෙම කරමු සකුරා..ඉක්මනට කරන්න...රිචඩ් සර් කියද්දි සකුරා හිසින් සන් කරලා එලියට ගියේ කාටවත් සැකයක් නොහිතෙන්න.. සකුරා එලියට ගිහින් විනාඩි ගානකින්ම හැමතැනක්ම කලුවර වුනේ රිචඩ් සර්ට අවස්ථාව උදා කරමින්....රිචඩ් සැනකින්ම ඔටුන්න ළඟට ගොස් සෙමින් වේදිකාව ළඟ පහත්වුනේ ලේසර් කිරණ වල නොවැදෙමින්....ප්‍රේහේලිකාව මතට අත තැබූ ඔහු එය ගන්න උත්සහ කලත් එය වේදිකාවේ හිර වෙලා තිබුනේ සෙලවීමටවත් බැරිලෙස....
විනාඩි දෙකක් ගත වුනත් රිචඩ් ආපු නැති නිසා සකුරා හිටියේ බයෙන්...
තව විනාඩියයි තියෙන්නේ රිචඩ් සර්...ඉක්මනට එන්න..තව විනාඩියකින් එයාලා සප්ලයි එක හදාගනී....සකුරා ඇස් දෙකත් වහගෙන ප්‍රාර්ථනා කලේ රිකීට වගේම විද්‍යාලයේ කාටවත් කරදරයක් වෙන්න එපා කියලා....ඒත් විනාඩි තුනම ඉවරවෙලා හැම තැනම ආලෝකමත් වුනේ රිචඩ් සර්ට ලැබුනු වෙලාව අවසන් බව පසක් කරමින්....
දෙ....දෙවියනේ....කරන්ට් එකත් ආවා තා...තාම රිචඩ් සර් ආවේ නෑනේ....ඒ...ඒ කියන්නේ රිචඩ් සර් අහුවුනාවත්ද ? සකුරා ඉක්මනට කෞතුකාගාරය ඇතුලට දුවන්න හැදුවේ දෙගිඩියාවෙන්...ඒත් ඒ එක්කම රිචඩ් සර් ආවේ සකුරගේ හිතේ බය නැති කරමින්....
සර් ඔයා හොඳින් නේද ? මම හිතුවේ සර් එයාලට අහුවුනා කියලා...සකුරා අහගෙන ගියේ ගිරවියක් වගේ ....
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Losoweමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...