💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞කොන්දේසියක්.....ඒ මොකද්ද ? සෙයින් එහෙම කියන ගමන් බැලුවේ රිචඩ්ගේ මූන දිහා .
සර් ඔයා මට කිව්වනේ මට මං වගේම තව ප්‍රතිරූපයක් හදාගන්න පුලුවන් කියලා...එයාව මෙහේ තියලා යනවා කිව්වනේ...මට...මට..සකුරාට හිතේ තිබුන හැඟීමවත් කියාගන්න අමාරුයි. ඒතරමට ඒ හිත දුක්වෙනවා. ඒත් අමාරුවෙන් හරි සකුරාට ඕනි වුනේ හිතේ තිබ්බ දේ කියන්න.
එයා මගේ සීයා එක්ක කතා කරනවා බලන්න ඕනි....මට මගේ සීයගේ සතුට බලන්න ඕනි....සකුරා ඉකිගහන ගමන් කියද්දි සෙයින් , වගේම රිචඩ්ගේ අැස් කෙවෙනි වලට කඳුළු කැට පිරුනා.
හ්ම්...හරි සකුරා...ඔයා කැමතිනම් ඒක කරමු...ඔයා ඔයාගේ ප්‍රතිරූපය හිතින් මවාගන්න.. එතකොට හරි....සෙයින් හෙමීට උපදෙස් දුන්නේ සකුරාගේ ඔලුව අතගාලා.
සෙයින් කිව්ව විදිහටම සකුරා කලා...එකපාරටම සකුරාගේ පෙවුමට සමාන ප්‍රතිරූපයක් නිර්මාණය වුනේ සැනින්. ඒ වුනාට රිචඩ් සර් නම් මේ දිහා බලා සිටියේ පුදුමෙන් මොකද එයා කවදාවත් මේ වගේ බල පිහිටපු විශ්වකයෙක් ගැන අහලාවත් තිබ්බේ නෑ. සෙයින් දිහා ඇස් දෙකත් හීනි කරලා බලපු රිචඩ්ගේ බැල්මේ හරියට තිබ්බේ ආපහු ගිය ගමන් මේ හැම දේටම ඉක්මනට උත්තර ඕනි කියන්න වගේ. ..සකුරාත් මේ දේවල් දැක්ක පලවෙනි වතාව උනත් පුදුම නොවුනේ අැය සිටියේ තම සීයාව දාගා යන්න වෙන දුකින් නිසයි..
ඇස් දෙකේ කඳුලු පිහදාගත්ත සකුරා එයාගේ ප්‍රතිරූපේ ගාවට ගිහින් අත්දෙක අල්ලා ගත්තා.ඔයා මගේ සීයව හොඳින් බලාගන්න..එයාට දුකක් දෙන්න එපා...ජොඅානාවත් හොඳින් බලාගන්න...ඔයාත් පරිස්සමට ඉන්න..සකුරා අැයගේ ප්‍රතිරූපයට අඬ අඬම කිව්වා.
හරි සකුරා...ඔයා පරිස්සමට ගිහින් එන්න...ඔයා එනකම් මම සීයවයි , ජොඅානවයි බලාගන්නම්..බයවෙන්න එපා...අැගේම ප්‍රතිරූපය අැයට පොරොන්දු වුනා...
ප්‍රතිරූපයට ඉස්සර වෙලා යන්න දුන්නු සකුරායි , සෙයින් අැගේ පිටුපසින් ගොස් පඩිපෙල පාමුල සැඟව සිටියා....
සීයා......අැය එලෙස පවසද්දි...සීයගේ දෑස් විශාල වී විමතියෙන් පිරී ගියා..අැය දුව ගොස් සීයව වැලඳගත්තා...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Losoweමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...