🔮 හැටහත්වන දිගහැරුම 🔮

37 1 0
                                    

ඉතින් ඔයාලා කාල්ගේ වචන විශ්වාස කරනවද ? පූජකතුමා අහද්දි රශීන් , සෙයින් වගේම ආචාර්‍ය ෂියෑං හැර අනික් තුන්දෙනාගේම මූනේ ඇඳුනේ පුදුමයක්...එක් අතකට කාල්ගේ වචන විශ්වාස කරපු එක වැරැද්දක් කියලයි සෙයින්ට හිතුනේ....මොකද මෙච්චර කාලයක් හැමෝමවම රවට්ටපු කාල්ට ආපහු බොරුවක් කියලා රවට්ටන එක ලොකු දෙයක් නෙවෙයිනේ..

මටත් හදවතක් තියෙනවා පූජකතුමනි ....මට මගේ පවුලම නැති වුනා....ඉතින් ඒ ගැන ඉඟියක් හම්බවුනොත් ඒක ඇත්තක්ද , බොරුවක්ද කියලා හොයලා බලන්නේ නැතුවම මම විශ්වාස කරනවා....ඔබතුමා කියපු දේ ඇත්ත කාල් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මගේ දරු සෙනෙහස ඉස්සරහා මට අමතක වුනා....එදා ගින්නෙන් කෙනෙක් බේරුනොත් පුදුමයක්...සෙයින් කිව්වේ පසුතැවීමෙන්....සෙයින්ගේ වගේම රශීන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිඳිලා ගියේ හිතේ තියෙන තුවාලය තවත් පෑරෙමින්....

ඔය දරුවෝ දෙන්නා මං කියපු දේ වැරදියට තේරුම් අරන්වගේ . මම අදහස් කලේ ඔය දෙන්නගේ දරුවෝ දෙන්නා කාල් ළඟ ඉන්නවා කියන එක විශ්වාස කරනවද කියලා ,? නැතුව දරුවෝ දෙන්නා මිය ගියා කියන එක නෙවෙයි මම අදහස් කලේ...පූජකතුමාගේ වචනත් එක්ක බිමට නැඹුරු වෙලා තිබුනු සෙයින්ගේ වගේම රශීන්ගේ දෑස් පූජකතුමා දෙසට යොමු වුනේ එකපාරටම....

මො....මොකද්ද කි...කියන්නේ පූජකතුමනි...මගේ ...අ....අපේ  දරුවෝ ඇත්තටම ඉන්නවද ? සෙයින් එකපාරටම නැගිට්ටේ ඔහුටවත් අවනත නොවී......

මගේ ...මගේ පුතයි , දුවයි දෙන්නම ඉ....ඉන්නවද ? එයාලා එයාලා කො....කොහෙද පූජකතුමනි.....සෙයින් එක්කම නැගිටපු රශීන් එකපාරටම දණ ගහගත්තේ පූජකතුමාගේ දෙපා අසල.....අනේ...පූජකතුමනි...ක...කරුනානරලා කියන්න ....මගේ දරුවෝ දෙන්නා ඉන්නේ කොහෙද ? මම මගේ ඕන දෙයක් කැප කරන්නම් දරුවෝ දෙන්නා වෙනුවෙන්...අනේ අපේ දරුවෝ දෙන්නා කොහෙද කියන්න...රශීන් අඬා වැටුනේ පූජකතුමාගේ දෙපා අද්දර... රශීන්ගේ වගේම සෙයින්ගේ දරු සෙනෙහස දැකලා පූජකතුමාගේ දෑසටත් කඳුලක් ඉනුවා....සෙයින්ට වගේම රශීන්ටත් ඔහුගේ දරුවා වගේම අනෙකාගේ දරුවත් තමන්ගේම දරුවා තරම්ම වටිනවා...ඒකයි ඔවුන් ආත්මයෙන් ආත්මයට හමුවන්නේ...ඔවුන්ගේ බැඳීම එනිසයි එතරම් ශක්තිමත්....
සන්සුන් වෙන්න රශීන්......මම පැවසුවේ ඇත්ත දරුවෝ ඔය දෙන්නගේම දරුවෝ දෙන්නා ජීවත් වෙනවා....

🔮 විශ්වක පාසල 🔮 ☑️Where stories live. Discover now