🔮 දහතුන්වන දිගහැරුම 🔮

64 3 0
                                    

සකුරා ලූකා...ඔහොම ඉන්න.....එක්වරම සකුරත් ලූකත් පිටුපස හැරුනේ ඔවුන්ට ඇසුනු හඬ නිසයි.....

සකුරාත් ලූකත් පිටුපස හැරෙද්දි ඔවුන් දෙදෙනා පිටුපස සිටියේ බෙලා...ඇයත් සකුරගේ වයසේම කෙනෙක්...නව නිපයුම් නිපදවීම තමයි එයාගේ බලය....

සකුරට ඇයව  දේශන ශාලාවදි දුටු බව මතකයට නැගුනා...

ඇයි බෙලා ??ලූකා පැවසුවේ ඉවසීමෙන්..මේ වෙද්දි ලූකාගේ කේන්තිය යම් තරමක් පහවී තිබුනා...

ලූකා මාත් එනවා ඔයා එක්ක අද්භූත කැලයට යන්න ...ඔයා හිතනවට වඩා ගොඩක් භයානකයි කැලේ...අතරමන් වුනොත් ආයේ එන්න බැරි වෙයි...මගේ රොබෝ එක්කගෙන යමු .....බෙලා කියාගෙන යද්දි සකුරාත් ලූකාත් පුදුමයෙන් අැය දෙස බලාගෙන හිටියා...

මම දන්නවා දැන්  ඔයාලා දෙන්නා බලනවා ඇති අැයි මං එන්නේ කියලා නේද ? මට ඇහුනා සියානා කතාවෙනවා එයාලා ඔයාලා ගියාට පස්සේ ඔය දෙන්නට බන්ධනයක් කරන්න....අාපහු එන්න බැරි වෙන්නම....ඒකයි මම ඔයාලා එක්ක එන්නේ....

මොකක්...එච්චර කපටිකමක්...මම අද දෙකෙන් එකක් විසදගෙන එන්නේ...ලූකා යන්න ලෑස්ති වුනත් සකුරාත් බෙලාත් එකතු වෙලා ලූකව නැවැත්තුවා....

ඔයාට පිස්සුද  ? අපිට කිසිම සාක්ෂියක්වත් නෑ එයාලා ඒක කියපු බවට....එයාලා අපි මේක දැනගත්තා කිව්වොත් මීට වඩා දෙයක් අපිට කරයි...ඒ හින්දා අපි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි...සකුරා ඉඟිකර කිව්වා..

සකුරා ඉඟි කරලා කියන එක අැත්ත ලූකා....බෙලාත් ඒක අනුමත කලා...ඒක අැහුවට පස්සේ ලූකා සන්සුන් වුන හින්දා සකුරාත් බෙලාත් ලූකව අතෑරියා....

හරි අපි බලමුකෝ..දිනන්නේ කවුද කියලා...ලූකා කිව්වේ සකුරා දිහාත් බෙලා දිහාත් මාරුවෙන් මාරුවට බලමින්...

එහෙනම් සකුරා ලූකා අපි යමු...දැන් මායා කර්ම ගැන දේශනය මැඩම් පැට්‍රිශියාගේ...එයා පරක්කුවුනොත් එලියට දානවා....දැන් යමු... තුන්දෙනාම යද්දි එයාලා දිහා එක ඇස් දෙකක් බලාගෙනයි හිටියේ....

දවසේ ඉතුරු කාලය ගෙවිලා ගියේ කරදරයක් නොවී....සකුරාත් ලූකත් බෙලාත් වෙන්වෙලා ගියේ හෙට හමුවෙන අරමුනින්...

ෂැන්ගී මගේ කොල්ලා මං නැතුව පාලුවෙන්ද හිටියේ ? සකුරා කාමරයට ගිය ගමන්ම ෂැන්ගිව වඩා ගත්තා ...

සකුරගේ වදන් තේරුන ෂැන්ගී පුරුපුරු ගාමින් සකුරා ලග දැවටුනේ ඔව් කියන්න වගේ...

බලන්නකෝ ෂැන්ගි අර නපුරු රොකියා මට අද ඉන්න දුන්නෑනේ...සකුරා කියද්දි ෂැන්ගි එයාට තුරුල් වුනේ සකුරගේ ඇස් දිහා බලාගෙනයි....

හරි ෂැන්ගි ඔයා ඉන්න..මම වොෂ් දාගෙන එන්නම්.. සකුරා නාගෙන අාවේ තෙත කොන්ඩය පිහිදමින්...ඒ වෙද්දිත් සකුරට අඩුනොවුනු හිසරදයක් අැතිවී තිබ්බා....

ෂැන්ගි ඔයා ඉන්න...මම ටිකක් නිදාගන්නම් ..ඉන්න බෑ ඔලුව රිදෙනවා....සකුරා නිදාගනිද්දි ෂැන්ගිත් සකුරට තුරුලු වුනේ ෂැන්ගිගේ උනුහුමේ සකුරට නින්ද යද්දි....

🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳🈳

ඔහොම ඉන්න මෝඩයා.....යුධ අැදුමින් සැරසුනු යුවතිය ඒ වගේම සැරසුනු තරුනයෙක් පසුපස දිව්වේ ඔහුව අල්ලගන්නයි....

ඒගමන්ම තරුණයා නැවතුන නිසා දුවගෙන අාපු තරුනිය , තරුනයාගේ ඇඟෙහි වැදී දෙදෙනාම සමබර නොමැතිව වැටුනේ අසල තිබූ තනබිමටයි....

තරුණිය නැගිටින්න උත්සහ  කලත් ඇයට සෙලවෙන්නවත් නොහැකි ලෙස ඔහු ඈව අල්ලගෙන හිටියා..

නවතින්න කිව්ව නිසා මම නැවතුනා....ඔබට මගේ තුරුලෙහිම සිටින්න වුවමනා හැඩයි....

මට ඕනි නෑ...අතහරින්න මාව....

කෙදිනකවත් බෑ...ඔබව අල්ලගත්තේ සදහටමයි....කවදාවත් මේ දෑත මගෙන් වෙන්වන්නේ නෑ...එය කල හැක්කේ මා මියගියහොත් පමනයි.

එසැනින්ම ඇගේ සිහින් අතැඟිලි ඔහුගේ දෙතොල් වසාගත්තා....

කවදාවත් එහෙම කියන්න එපා...ඔබ මියදුනොත් මාද මියයනවා....මතු උපදින ආත්මයෙත් ඔබගේ සෙවනැල්ලම වී ඉන්නවා....

එක්වරම ඇසුනු ශබ්දයක් නිසා ඔහුත් අැයත් මුවා වී සැඟව ගියේ අැසිල්ලෙන්.....

සකුරා එක්වරම බයෙන් අවදිවුනේ
දහඩියෙන් ගත පෙඟී යද්දි...

මොකක්ද මම දැකපු ඒ හීනේ...කාවවත් පැහැදිලි නෑනේ...සකුරා වතුර වීදුරුවක්ම බිව්වේ ඇගේ හදවත බියෙන් ගැහෙද්දියි...

භෝජනාගාරයට ගිය සකුරා ඉක්මනින් අාහාර ගෙන නැවත කාමරයට අාවේ හෙට ගමන ගැන කල්පනාවෙන් ....කාමරයට පැමින දොර වසා අැඳට යද්දි කකුල් පැටලී අැය වැටෙන්නට ගියේ අනපේක්ෂිත විදිහට ..නමුත් ඇය නොවැටී බේරුනත් ඒ සමගම වූයේ පුදුම සහගත දෙයක්....

🔮 විශ්වක පාසල 🔮 ☑️Where stories live. Discover now