🔮 හැටනවවන දිගහැරුම 🔮

37 1 0
                                    

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

ඒත් එක්කම පිපිරුම් සද්දයක් ඇහුනේ සකුරට පිටුපසින්....සකුරා පිටුපස හැරෙද්දි දැක්කේ ලොකු දූවිලි වලාවක්.....ඒ එක්කම දූවිලි වලාව මැද්දෙන් විද්‍යාලයේ කඩා දැමූ තාප්පයෙන් විද්‍යාලයට ඇතුලු වුනේ කාල්ගේ හමුදාව.....

පහරදෙන්න......රිකී කාල්ගේ හමුදාව පැත්තට ගියේ අනිත් අයත් මෙහෙයවමින්....සෙයින් සර්, රශීන් , ලිවියන් , මින්සෝ , ලූකා තුවක්කු අතට අරන් හමුදාව දෙසට යන හැටි සකුරා බලාගෙන හිටියේ සිහිනෙන් වගේ...
මොහොතකට සකුරගේ හිතට දැනුනේ මේ හැමෝගෙම ජීවිත තියෙන්නේ සකුරගේ අතේ කියලා...

පරිස්සමින් රිකී....මම ඉක්මනට එනවා...එතකන් තුවාල නොවී ඉන්න....සකුරා , රිචඩ් සර් එක්ක නොපෙනී ගියේ අනික් අය අතරින්....

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

රිචඩ් සර් , මේක තමයි තැන ...සකුරයි , රිචඩ් ආවේ කාල් විනාශක ප්‍රේහේලිකාව සඟවපු කෞතුකාගාරයට....

  " ලෝටස් මියුසියම් " කෞතුකාගාරයේ නම කියවපු සකුරගේ ඇස් යොමු වුනේ පසෙක තිබුනු සලකුන දිහාවට..

අර තියෙන්නේ සර් ඒ සලකුන...මම කිව්වා හරි..සකුරා අත දිගු කරලා පෙන්නුවේ නමට එහා තිබුනු සලකුන දිහාට....

එහෙනම් සකුරා කාල් මේක ඇතුලෙම තමයි කොහේහරි ප්‍රේහේලිකාව ඇත්තේ...එන්න ඉක්මනට ඇතුලට යමු...ටිකට් ගත්ත රිචඩ් සර් , සකුරා ඇතුලට ගියේ ඉක්මනින් ප්‍රේහේලිකාව හොයාගන්න අරමුනින්....

සකුරා ඔයා ඔය පැත්තෙන් යන්න , මම මෙහෙන් යන්නම්...සකුරයි , රිචඩ් කෞතුකාගාරය තුල දෙපැත්තකට බෙදිලා ගියා...

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

💥🔫     💥🔫     💥🔫     💥🔫     💥🔫

රිකී , ලේසර් කිරන එල්ල කරමින් කාල්ගේ හමුදාව සෙබලු එකින් එක්කෙනා බිම දැම්මේ හිතින් කාල්ට සාප කරමින්...

තමුන්ව අද නම් මම ඉවරයක් කරනවා කාල් ...මේ අහිංසක මිනිස්සුන්ව වශී කරගෙන මේ කරන අපරාධයට.....රිකී හිතමින් පහර දුන්නේ ගහකට මුවා වෙලා...

ඕ ෂිට්....මේවගේ බලය ඉවර වුනානේ....එකපාරටම ලේසර් ගන්එක අක්‍රිය වුනේ බලය ඉවර වුන නිසා.....රිකීගේ පමනක් නෙවේ ඉදිරිපෙල අසුනේ හැමෝගෙම ගන් සියල්ලම අක්‍රිය වෙලා ගියේ බලය ඉවර වුන නිසා....රිකී ඉක්මනින් බෙලාට කතා කරන්න ගත්තේ ඉදිරිපෙල රොබෝ හමුදාව දැනටමත් භාගයකට වඩා විනාශවෙලා නිසා....ලේසර් ගන්  අක්‍රිය වීමත් එක්ක තත්වය පත් වුනේ ඉතාමත් දරුනු තත්වයකට.....

🔮 විශ්වක පාසල 🔮 ☑️Where stories live. Discover now