කේන්තියෙන් සකුරා ළඟට ආපු රිකී සකුරා ළඟින් වාඩි වුනේ සකුරාට හිතන්න වෙලාවක්වත් නොදී....
ඔ.....ඔයා මොකද...මෙ...මෙතන කරන්නේ....ඔයත් යන්න .....ගි...ගිහින්..
විවේක ගන්න.....ගොත ගහමින් සකුරා කිව්වේ බිමට මූණත් නැඹුරු කරගෙන....මොකක් වෙලාද මන්දා යන්නෙත් නෑ මෙතන..බස්සා වගේ රවාගෙන ඉන්නවා.....සකුරා හිතන්නට ගියත් කිව්වේ නැත්තේ මේ වෙලාවේ ඒකටවත් වචන කටට ආපු නැති නිසා...
මට මහන්සි නෑ....මට දැන් හොඳයි ...මම විවේක අරන් ඉන්නේ හොඳටම දැන්....රිකී කේන්තියෙන්ම කිව්වේ සකුරාගේ මූණ දිහාම බලාගෙන....
ර්ර්ර්ර්....හොඳයි නම් ගිහින් වැඩක් බලාගත්තනම් හරිනේ..මෙතන ගල් ඉබ්බා වගේ ඉන්නේ නැතුව....
ඒ.....ඒ...වුනාට මට...මහන්සි....මට විවේක ගන්න ඕනි....ඔයා යන්න දැන්.....හිතුන දේවල් නොකියා සකුරා රිකීට යන්න කිව්වේ හොරැහින් ඔහු දෙස බලමින්....
මොකද්ද කිව්වේ අාහ්....සකුරාගේ කොන්ඩෙන් අල්ලගෙන රිකී සකුරගේ මූනටම එබුනේ එක පාරටම....
අතාරින්න රිකී රිදෙනවා මට...රිකීගේ අත හූරමින් සකුරා ඒ අත අයින් කරන්න හැදුවත් සකුරගේ ඒ හයිය රිකීව නවත්තන්න මදිවුනා.....
රිදෙනවා...රිදෙනවාද...ඔයිට වඩා රිදෙනවා මෙතනට...එක අතකින් සකුරගේ කොන්ඩෙන් අල්ලගෙන රිකී කිව්වේ අනික් ඇඟිල්ලෙන් හදවතට තට්ටු කරමින්...
මම දැන් හිටියොත්ද මහන්සි .....එතකොට අර ලිවියන්කාරයා, එතකොට උෟ මෙතන ඉද්දි මහන්සි නැද්ද....
මොනවද රිකී මේ කියවන්නේ...අතාරින්න මගේ කොන්ඩේ.....
හරි...මම අතාරින්නම්....එහෙනම් කියනවා..මොකද මාව මගහරින්නේ....අාපු වෙලාවේ ඉඳන් සකුරා මම දැක්කේ...තමුන් කොයිවෙලෙත් මාව මගඅරිනවා...කියනවා ඒ ඇයි කියලා...මගේ ඉවසීම බලාගන්න හදන්න එපා.....ඔය ඇස් දෙක මගෙන් හංගන්නේ ඇයි....ඉතින් කියනවා...
මං ....මං මොකටද හංගන්නේ....මට හංගන්න දෙයක් නෑ....මගේ කොන්ඩේ අතෑරලා යනවද ? මට විවේක ගන්න ඕනි...අහක බලාගෙනම සකුරා කියලා දැම්මේ රිකීගේ අත තවත් හූරන ගමන්...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Nezařaditelnéමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...