පුලුවන්නම් දිනලා පෙන්නන්න රිකී.....ඒත් කවදාවත් ඔයාට දිනන්න බෑ....
ඇස්දෙක පියාගෙන සිටි රිකීගේ දෙසවනේ තවමත් දෝංකාරදුන්නේ ලිවියන්ගේ සරදම් හඬයි.....සිතියමත් අරගෙන රිකී ඉදිරියට යන්න ගත්තේ මාලිගාව මැදින්....ඒත් තවමත් රිකී දන්නේ නෑ රිකී දිහා එයාටත් හොරෙන් තව කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා....බොහෝ දුර ඇවිදගෙන ආවත් තවමත් රිකීට කිසිඳු ආරක්ෂකයෙක් හමු වුනේ නෑ..ඒ නිසාම රිකීගේ හිත තුල ටිකෙන් ටික සැකයක් වර්ධනය වෙන්න ගත්තා..
මේ පඩිපෙල නැගලා ගිහින් වම් පැත්තට තියෙන කුටියට යන්න ඕනි ඒ කියන්නේ...ඊට පස්සේ ඒ කුටියේ තියෙන තුන්වෙනි දොරටුව තමයි ඊළඟ ලෙවල් එකට යන දොරටුව...ඒත් කිසිම ආරක්ෂකයෙක් තාම හමුවුනේ නෑනේ....මෙතන නම් මොකක්හරි දෙයක් තියෙනවා.. ....කමක් නෑ බලමුකෝ...සිතියම නවලා රිකී සාක්කුවට දාගත්තේ වටපිට බලමින්..
මෙතන හැමතැනම මෙච්චර කණ්ණාඩි මොකද ...මොකක්හරි අවුලක් තියෙනවා ...පලවෙනි පඩියට අඩිය තැබූ රිකී කල්පනා කලේ වටේටම තිබෙන කණ්ණාඩි දෙස බලමින්......පඩිපෙල නගිද්දි රිකීට එක්වරම තේරුනේ කවුරුන් හෝ තමා පසු පස එන බවක්.....එසැනින් රිකී පිටුපස හැරුනේ සැනින්.... ඒත් කිසිම කෙනෙකුගේ සලකුනක්වත් පෙනුනේ වත් නෑ....
නැවත හැරුනු රිකී ඉස්සරහට යන්න ගත්තේ කල්පනාවෙන්..ඒත් එක්කම රිකීට දැනුනු අමුත්ත නිසා සාක්කුවට අත දැම්මේ ඉක්මනින්....රිකී සිතුසේම සිතියම සාක්කුවෙන් අතුරුදහන් වී තිබුනේ එක්වරමයි...
එහෙම වෙන්නේ කොහොමද ? මම මේ සාක්කුවටනේ සිතියම දැම්මේ...කලබල වුන රිකී වටපිට බලද්දි දුටු දේ ඔහුට අදහාගන්නවත් බැරි වුනා...ඔහුගේ සිතියම කණ්ණාඩිය තුලට ගොස් තිබුනේ සිතාගන්නවත් බැරි ලෙසට....
ෂිට්....දැන් මේක ගන්නේ කොහොමද එලියට රිකී සිතියම පෙන්වන කණ්ණාඩිය ළඟට වී සිටියේ කිසිවක් සිතාගත නොහැකිව...රිකී කණ්ණාඩිය දෙස බලාගෙන කල්පනා කරද්දි සිතියම අතුරුදහන්වී ගියේ තත්පරයක් යන්නටත් මත්තෙන්....ඒ එක්කම රිකීට ඇසුනේ ගෑනු ලමෙකුගේ සිනා හඬක්...
රිකී වටපිට බලද්දි එක්වරම දුටුවේ රිකීගේ සිතියමත් අතේ තියාගෙන තාමත් සිනාසෙන මිනෝවාව...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Acakමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...