මේ වෙද්දිත් මධ්‍යම රාත්‍රියත් පසුවී ගොස් තිබුනා....එයවත් සකුරට නොවැටහුනේ අැය එතරම් මේ උද්‍යානයට වශීවී සිටි නිසයි...
සකුරා නැවතත් වටපිට බලද්දි අැගේ දෑස එක්වරම විශාලවී ඉක්මනින් නැගිට්ටේ අැය එක්වරම දුටු දේ නිසයි....ගුහාව වටා පහලට එල්ලෙමින් තිබුනු වැල් ගොනුවේ එක් තැනක වැල් ගොන්නක පමනක් අමුත්තක් සකුරා දුටුවා...නැගිටපු සකුරා එතනට යාමට තීරනය කලේ හිතට අාපු අදහසක් එක්කමයි..
නැවතත් මණ්ඩපයෙන් එලියට අාපු සකුරා අයිස් මිදුනු මග ඔස්සේ ඒ වැල් ගොන්න අසලට ගියේ හිතේ දහසක් ප්‍රශ්න එක්කයි..
මම දැක්කනේ මේ වැල් ටික හෙලවෙනවා...මේ මුලු ගුහාවම වැහිලනම් මේ වැල් ටික හෙලවෙන්න බෑනේ...ඒකියන්නේ මෙතනින් හුලඟ එන විවරයක් තියෙන්න ඕනි...ඒකනේ මෙතන වැල් ටික හෙලවුනේ...සකුරා හෙමින් හෙමින් වැල් ගොන්න එහාට මෙහාට කලේ හිතේ පිරුනු බලාපොරොත්තුවෙන්..ඒ කුමක් හෝ දෙයක් සොයාගත හැකිවේ යැයි සිතමින් ..
සකුරා වැල් පිරුනු බිත්තිය දිගේ හෙමිහිට අත තබා යද්දි එක්වරම අැය බිත්තිය දෙසට වැටෙන්න ගියේ අසල තිබූ වැල් එහාට වීමෙනි....
යෙස්....මේ තියෙන්නේ මම හොයපු දේ....වැල්වල එල්ලී සිටි සකුරා නැගිට හෙමිහිට වැල් ගොන්න එහාට කල විට අැයට දැකගත හැකි වූයේ දෙදෙනෙකුට එකවර සිටගෙන යාහැකි ප්‍රමානයේ උමගක්...වැල් ගොන්න අතරින් ගිය සකුරා හෙමිහිට මිදුනු අයිස් මතින් ගියේ උමග තුලටයි....
අයියෝ..මේක කරුවලයිනේ මුකුත් පේන්නෑ...සකුරා හෙමිහිට ගුහාවේ බිත්තියත් අල්ලගෙනම හෙමිහිට ඉදිරියට ගියේ කුඩා එලියක් හෝ හමුවේයැයි අපේක්ෂාවෙන්...
එක්වරම උමග කෙලවරින් කුඩා එලියක් දිස්වන්නට ගත්තේ සකුරාගේ අපේක්ෂාවන් දල්වමිනි...හෙමින් එලිය වන උමගේ කෙලවරත් වැල්ගොන්නකින් පිරී එතුලින් පෙරී එන සඳ කිරනින් ආලෝකමත් වන බව සකුරට දැකගත හැකි විය...
සෙමින් පිටතට පැමිනි සකුරා නැවත හැරී බැලුවේ තමන් පැමිනි මග දෙසයි...පටු ගුහා විවරය දෙපස විශාල ගස් දෙකකුත් ඒවායින් විහිදුනු වැල් නිසා ගුහා විවරය කාටත් නොපෙනෙන සේ සුරැකීමට හේතුවිය...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Randomමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...