එක්වරම ඔවුන් තිදෙනාවම තිගස්සවමින් එතනට අාවේ ඔවුන් දෙස බලා සිටි හතරවෙනි දෑසේ උරුමකරුයි...ඒ වෙන කවුරුවත් නෙවේ රිකියි...
රිකී ඔයා මෙහේ මොනවද කරන්නේ ? ලූකා අැහුවේ රිකීව දැකිමෙන් අැතිවූ තිගැස්මෙන් යුතුව...
කට කොනකට සිනාවක් නංවාගත් රිකී...අැයි මට මෙහේ එන්න හොඳ නැද්ද ? ඇහුවේ සකුරා දෙසට නෙත් යොවමින්...
හහ්..මේ රිලවා මොකද දන්නෑ මගේ දිහා බලාගෙන කියවන්නේ...කොහොම හොයාගත්තද මන්දා අත්භූත පොකුණ....ඒ කියන්නේ...ඊයේ මාව අදුරගෙනවත්ද ? සකුරා හෙමින් රිකීගේ මුහුණ දෙස බැලුවත් කියාගන්නට බැරි හැඟීමකින් මුහුණ පිරී තිබුනා...
එහෙනම් රිකී ඔයා කැමති වෙලාවක් ඉඳලා එන්නකෝ...අපි යනවා ...අපි ඉක්මනට යන්න ඕනි... ලූකා ඉස්සරවී යන්න හැදුවත් වැඩක් වුනේ නෑ...
ඕ...ඔච්චර ඉක්මනට යන්න හදන්නේ මොකද ලූකා....අා...ඔයාලට නම් අද්භූත විල හොයාගන්න අමාරු වුනේ එහෙම නෑ නේද සකුරා....රිකී කිව්වේ සකුරා දිහා බලමින්...
රිකී එහෙම කියද්දි තුන්දෙනාගෙම මුහුණේ අැඳුනේ ප්රශ්නාර්ථ සේයාවක්..ඒත් රිකී කියපු දේ සැබෑ අර්ථය දන්නේ සකුරා විතරයි...
ඒ කියන්නේ ඔයා අපි පස්සෙන් අාවද රිකී..හහ් ඕනි කිව්වනම් අපි එන්න කියනවනේ...අැයි හැංගිලා අාවේ...රිකීව සරදමකට අරන් ලූකා හිනාවෙලා කියද්දි රිකීගේ කේන්තිය වැඩි වුනා...
මම මෙතන ප්රශ්නේ අැහුවේ සකුරගෙන් තමුන් නොදන්න දේවල් වලට කට දාගෙන එන්නෙපා....රිකී කේන්තියෙන් කියද්දි සකුරට තේරුනේ ඊයේ ඔහු සකුරව හඳුවාගෙන අැති බවයි...
ඒක...අහම්බෙන් හම්බුනේ...සකුරා ඉඟි කර කියද්දි රිකීගේ හඬ පලාතම දෙදරවන අයුරින් ගලා ගියා...
බොරූ.....තමුන් කියන්නේ බොරූ....තමුන් කියන්නේ අහම්බෙන් අාවා කියලද ? එතකොට ඊයේ අාපු එකත් අහම්බයක්ද ? රිකී කෑගහගෙන කියද්දි බෙලාගෙත් ලූකගෙත් අවධානය සකුරා දෙසට යොමු වුනේ පුදුමයෙන්...
ඔයාට පිස්සුද රිකී ....මෙතනට මම ඊයේ අාවානම් මම මොකද අද ලිලී මල් හොයාගෙන අාවේ...ඊයෙම කඩනවනේ...සකුරා ඉඟි කර කියද්දි ලූකත් සකුරට එකතු වුනා..
සකුරා බෙලා එන්න අපි යමු....ලූකා ඔවුන් සමග යන්න හදද්දි රිකීගේ දෑස් කෝපයෙන් දිලෙන්න ගත්තා...
ඒයි කොහෙද යන්නේ ආ ?? අද අැත්ත කියන්නේ නැතුව යන්න බෑ.. රිකී එක්වරම ලූකත් බෙලාත් වටා ගිනි වලලු අැති කලා...
මේ ගොලු කෙල්ල....තමුන්ගේ යාලුවෝ දෙන්නා බේරගන්න ඕනිනම් අැත්ත කියනවා...කොහොමද ඊයේ අද්භූත විල්තෙරට අාවේ කියනවා....
අනේ රිකී.....සකුරා ඉඟිකලේ එයාලව නිදහස් කරන ලෙසයි...
රිකී මම ඊයේ එතනට අාවේ නෑ...සකුරා අඬමින් ඉඟිකර පැවසුවා...
තමුන්ගේ බොරුව දැන්වත් නවත්තනවද ? රිකී ගිනිදැල් වල ගින්දර තවත් වැඩි කලා...
අනේ දෙවියනේ මම මොකද කරන්නේ...එතනට ගිය හැටි කියනවද ? බෑ බෑ එතකොට මගේ බලයන් දැනගනී..මට කාල්ව පරද්දන්න බෑ එතකොට....
සකුරා පියවි සිහියට අාවේ ලූකා අමාරුවෙන් කහිමින් සිටි හඬටයි....එහෙනම් තමුන් අැත්ත කියන්නේ නෑ නේද ? එමෙනම් බලාගන්නවා වෙන දේ.....රිකී ගිනිදැල් වැඩි කරද්දි සකුරා එක්වරම රිකීව තල්ලු කලා...ඒත් එක්කම....
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
Randomමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...