රශීන් බොරුවක්වත් කිව්වද ? ඒත් එහෙම වෙන්න බෑනේ...රශීන් අංකල්ගේ මූනෙන් එහෙම බොරුවක් කරන පාටක්වත් පෙනුනේ නෑනේ..සකුරාගේ කල්පනාව බිඳුනේ පසෙකින් ඇහුනු හඬින්....
එයා ආවේ වෙස් මූනක් දාගෙන....ඒ කටහඬත් එක්ක හැමෝම පිටුපස හැරෙද්දි දැක්කේ ඔවුන් දිහා බලාගෙන ඉන්න රශීන්ව හා සෙයින්වයි....
එයා එදා ආවේ වෙස් මූනක් දාගෙන ...මම ඇහුවම එයාම කිව්වා එයා කාල් කියලා...ඒකයි මම කිව්වේ ඔයාලට එයා කාල් කියලා...මොනවා වුනත් එයාගේ කටහඬේ අමුතු හුරුවක් තිබුනා...ඒත් මම ඒක ගැන එච්චර හිතුවේ නෑ..ෂිට්....මෙච්චර ළඟට ඇවිල්ලත් මට උෟව මරන්න බැරිවුනානේ...රශීන් බිත්තියට අතමිට මොලවලා ගැහුවේ කාල් එක්ක ආපු කේන්තියට...
ඒ වගේම සෙයින්ගේ හිතේ රශීන්ට නොදෙවනි කේන්තියක්....බැලූ බැල්මට දෙන්නගේම කේන්තිය ඔවුන්ගේ මුහුනෙන්ම අඳුරගන්න පුලුවන් වුනා...හරි...ඒ කියන්නේ ජේසන් විදිහට ආවොත් එයාව අඳුරගන්න නිසා තමයි කාල් වෙස් මූණ දාගෙන ආවේ....මට හිතෙන විදිහට කාල්ගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා සර්...අපි ඉක්මන් නොකලොත් විද්‍යාලය වගේම සර්ලාගේ ලමයි දෙන්නත් අනතුරේ.....අපිට ඉක්මනට මොනවාහරි කරන්න වෙනවා...සකුරා කිව්වේ කාල්ගේ සැලැස්ම හිතාගන්න බැරුව...
ඔක්කොටම කලින් සකුරා අපි ප්‍රධාන පූජකතුමාව හම්බෙන්න ඕනි....එතුමා ළඟ තමයි මේ හැමදේකටම උත්තර තියෙන්නේ...ආචාර්යතුමා සකුරාගේ කතාව වෙන පැත්තකට හරවන්න උත්සහ කලේ එසේ කියමින්..කවුරුවත් නොදැන හිටියට කාල්ගේ වචන ෂියෑංතුමාගේ හිතේ ඇති කලේ සැකයක්....
ආචාර්යතුමනි අපි ප්‍රධාන පූජකතුමාව දැන්ම හමුවුනොත් හොඳයි නේද ? අපි ඉක්මන් වෙන තරමට අපිට එන අවධානම අඩු වෙනවා.....රිචඩ් සර්ගේ කියද්දි හැමෝම ඔහුගේ වචන වලට එකඟ වුනා...
අපිට ප්‍රධාන පූජකතුමාව අද රාත්‍රියේ තමයි හම්බෙන්න පුලුවන් රිචඩ්....පූජකතුමා දැන් ගොඩක් වයසයි..එතුමාගේ රෝග තත්වය නිසා දහවල් කාලයේදි එතුමා විවේක ගන්නවා....ඉතින් අපිට රෑට තමයි එතුමව හම්බවෙන්න පුලුවන්....
හරි තව පැය දෙකතුනකින් රෑ වෙනවනේ...අපි එතකොට යමු...මම හිතන්නේ අපි එතකන් ටිකක් විවේක ගත්තනම් හරි....සකුරා කිව්වේ විශේෂයෙන් සෙයින්ට හා රශීන්ට අවධානය දෙමින්...
YOU ARE READING
🔮 විශ්වක පාසල 🔮 ☑️
De Todoමේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩ...