"මම දැන් මොනවද කරන්නේ... ඒ කියන්නේ එයාලා අපිව හොයාගත්තා....මාව වෙව්ලනවා... මම දැන් මොකද කරන්නේ... මට මොනවා උනත් මගේ හොබීට මොකුත් වෙන්න එපා.... මගෙ හොබී... මගෙ රෝස මල .."
යුන්ගිට ශියෑන්ගේ කටහඩ දෝංකාර දෙන්න ගත්තා.. යුන්ගිට මේ වෙලාවේ කරන්න ඕනෙ මොකක්ද කිසිම දෙයක් හිතා ගන්න බෑ.. එයාට දැනුනේ එයාගේ මුලු ලෝකෙම කඩාගෙන වැටිලා වගේ.... මෙච්චර දේවල් කරලත්... හොබීව එයාට අයිති නොවුනොත්... කියන බය යුන්ගිගේ හිතේ සක්මන් කරන්න ගත්තා... යුන්ගි ඉක්මනින් එයාලගෙ පුංචි කාමරේට දුවලා ගියේ කරන්න කිසිම දෙයක් ඔලුවට එන්නෙ නැති නිසා...
Yoongi's pov ;
මම කාමරේට යද්දි මගේ හොබී හොදට ගුලි වෙලා නිදි... මට අඩලා පුරුදු නෑ... ඒත් මැනික මම මොකක්ද කරන්නේ.. මට ඉන්නේ ඔයා විතරයිනෙ මැනික... කොහොමද ඔයාව මම නැති කරගන්නේ... තවත් හැන්ගෙන්න දුවන්න තැනක් අපිට තියෙනවද... එහෙම නම් මම ඒ කොහෙට උනත් ඔයාව අරගෙන යන්නම් මැනික... කොහොමටවත් මට බෑ ඔයාව නැති කර ගන්න.. බෑ හොබී මට ඒක කරන්න බෑ... මාව මරනවා කීවත් මට කමක් නෑ.. ඒත් ඔයා නැති ජීවිතයක් ගැන නම් මට හිතන්න බෑ....
මම හොබීව ගොඩක් තදින් තුරුලු කරගත්තා.... හොබී තාමත් තද නින්දේ... මට වෙන කරන්න දෙයක් නෑ... මේ වෙලාවේ ඕනේ මට අඩන්නයි... මම කෑ ගහලා ඇඩුවා... මම ඉකිගහන්න ඇති... මාව වෙව්ලන්න ඇති.. මගෙ පපුව හයියෙන් ගැහෙන්න ඇති.. මගෙ කදුලු රස්නි ඇති.... මගෙ මැනික... සමාවෙන්න... හ්‍යුන්ග් ට සමාවෙන්න....
මගේ කෑ ගැහිල්ලටම හොබී අවදි උනා... එයා මන් දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා මම දැක්කා... එයා බය වෙන්න ඇති... හොබී එයාගේ සීතල චූටි අත් වලින් මගේ මූන අල්ලගත්තා මට දැනුනා.. මම ඉන්නේ හරි සිහියෙන් නෙමේ.. කදුලු නවත්ත ගන්න හැදුවත් මට බෑ අනේ මැනික මට ඔයාව නැති වෙයිද?
" හ්‍යුන්ග් ... මගේ හ්‍යුන්ග් ... ඇයි මේ... අනේ කියන්නකො...."
" හ්.... හොබී ... "
" හ්‍යුන්ග්.. අනේ දෙවියනේ මට කියන්නකො මොකක්ද උනේ.. ඔයාට තුවාලා උනාද ? "
" මෙතන රිදෙනවා හොබී... මට රිදෙනවා.. "
මම මගේ පපුව අල්ලන් මට පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා... මම ලාවට වගේ දැක්කා අජුම්මාත් ඇස් වල කදුලු පිහදාන ගමන් අපි දිහා බලාගෙන හිටියා... මගෙ රෝසමල මොකුත් නොදැනම මගේ කදුලු නිසා හොදටම අඩනවා.... එයත් ඉකිගගහා මාව එයාගේ පපුවට තුරුලු කර ගත්තා....
සනීපයි...මේ උනුසුමට මම ලෝභයි... අනේ ඇයි මැනික... ඇයි අපිටම මෙහෙම වෙන්නේ.. මම දැන් මොකද කරන්නේ... ඔයාව අරන් කොහෙටද මම යන්නේ...අඩලා අඩලා අඩන්න කදුලු නැති වෙද්දි... මම ලොකු කල්පනාවකට වැටුනා... ජීවිතේ අසරන තැනක් අපි කාටත් එනවා... ඒකට ලොකුද පොඩිද වැඩක් නෑ... කොච්චර ශක්තිමත් උනත් අපි කවුරුත් වැටෙන තැනක් එනවා... මම කොච්චර සීතල හදවතක් තියෙන මනුස්සයෙක් වගේ පෙන්නන්න හැදුවත්.. මටත් තැනක් තියෙනවා.. දරා ගැනීමේ උපරිම තැනට ගියපු... ඒ වෙලාවට අඩලා හරි මනස නිදහස් කරගන්නව නම්.. ඒක ලොකු සැනසීමක්... ඒකත් මම ඉගෙන ගත්තේ මගේ හොබීගෙන්... එයා අදත් කලේ මගෙන් මොකුත්ම අහන්නෙ නැතුව... මාවත් තද කරලා අල්ලගෙන මාත් එක්කම අඩපු එකයි.... මම ලගින් මෙච්චර ලොකු ශක්තියක් ඉද්දි.. මම මෙහෙම අඩලා බෑ... මම මොකක් හරි කරන්න ඕනේ... මම හොබීව බලාගන්න ඕනේ...ඒ වෙද්දි හොබිත් සන්සුන් වෙලා හිටියා... හොබීගෙ නොසංසුන්කාරී පපුව සාමාන්‍ය විදිහට ගැහෙද්දි... එයාගේ සීතල ඇගිලි මගේ කෙස් අතර යද්දි.. මට තේරුනා එයා සංසුන් වෙලා....
මම කෙලින් වෙලා කෙලින්ම හොබී දිහා බලාගෙන හිටියා... ඒ ඇස් අඩපු නිසා හීනි වෙලා... චීන බබෙක් වගේ.... නහය උඩ පොඩ්ඩක් රෝසපාට වෙලා... සීතල නිසා වෙන්න ඇති... මම එයාගේ මූන මගේ අත් අතරට අරගෙන මුලු මූන පුරාම චූටි චූටි හාදු ගොඩක් තිබ්බා... මම ලෝභයි. ඔව් හොබී.. මම ඔයාට ලෝභයි....
" හ්‍යුන්ග් මොකක්ද උනේ.... ඇයි ඇඩුවේ.. මට කියන්න පුලුවන් ද? "
" හොබී... මේකයි.... කලබල වෙන්න එපා හොදද "
" හ්‍යුන්ග් ඉද්දි මම මොකටද කලබල වෙන්නෙ "
" එයාලා අපිව හොයාගෙන.. "
" අහ් එහෙමද...
ඇහ් මොකක් කීවා? හොයාගෙන.. අනේ අපි දැන් මොකද කරන්නේ... එයාලා කොහොමද අපි ඉන්න තැන හොයා ගත්තේ හ්‍යුන්ග් ... එයාලා අපිව අරගෙන යයිද? මට බෑ ආයේ යන්න... එයාලා එක්ක ගියොත් අපිට කවදාවත් එකට ඉන්න වෙන්නෙ නෑ හ්‍යුන්ග් අනේ දැන් මොකද කරන්නේ.... අහ්හ් මොන විකාරයක්ද මේ.. ඇයි පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තේ.... "
" ඔය ඔය ඉතින්... හොබී කලබල වෙන්න එපා... කො මෙතනින් වාඩි වෙන්නකො... මේ වතුර එක බොන්න "
ඇද උඩටත් නැගගෙන හොබී කෑ ගහන විදිහට නම් මට හිනත් ගියා.. පිස්සු කෝලම.... තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.. මේ කෝලම දිහා බලාගෙන හිටියම....
" ම්ම් අපි බලමු... කොහොමත් මෙතනින් එහාට අපිට ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙයි හොබී.... අපි ලෑස්ති වෙමු.....".
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." සර්... සර්... ඩිරෙක්ටර් සර්... නම්ජූන් ලයිව් එකක් "_______________________________•
sorry for my late updates... එක්සෑම් එකෙන් පස්සෙ අනිවාරෙන්ම එක දිගට අප්ඩේට් කරනවා ❤️
__Vimneth
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜