" එක්ස්කියුස් මී මිස්ටර් මින් යුන්ගි "
" යස්...නම්ජූන්ගේ යාලුවද "
" දේ.... දිස් වේ ප්ලීස් "
හ්‍යුන්ග් මාවත් අරගෙන ඒ ආපු මනුස්සයගේ පිටිපස්සෙන් ගියේ ගොඩක් කලබලෙන්... මට බයත් හිතුනා.. ඇයි මේ එක පාරට තිබ්බෙ නැති කලබලයක් ආවෙ කියලා... එයාලගේ කතාවෙන් තේරුනේ එයා නම්ජූන් ගේ ලගම යාලුවෙක්... වෙලාවට නම්ජූන්ට යන යන තැන යාලුවො ඉන්නේ...
" සර්... ඔයාලා දැනට මේ රූම් එකේ ඉන්න... අද රෑම මම ඔයාලව ප්ලේස් එකට එක්කගෙන යන්නම්... ඒත් දැනට ඔයාලා මෙතන ඉන්න ඕනේ.. මොකද දැනටමත් ජේහෝප් සර් නෑ කියලා එයාලා දැනගෙන ඇති "
" ඕකේ... ශියෑන්... අහන්න... සර් කියන්න ඕනේ නෑ මට සුගා කියලා කතා කරන්න... "
" ඕකේ සුගා.. ඔයාලා ලොකු සෙලිබ්‍රිටීස් ලා.. ඉතින් වැඩේ හිතන තරම් ලේසි වෙන්නෙ නෑ... ඒත් කොහොම හරි මම ඔයාලව මෙහෙන් යවන්නම් "
" තෑන්ක්ස් ශියෑන් මේ කරන උදව් වලට "
" මට නෙමේ... නම්ජූන් තමා ගොඩක් මහන්සි වෙන්නේ.. අනික නම්ජූන් මට කරලා තියෙන උදව් වල හැටියට මේක මොකක්ද.... ඒ නිසා සුගා ඔයාලට කරන්න තියෙන්නේ.... මම කියනකන් මේක ඇතුලටම වෙලා ඉන්න එක... මේක නෝ යූසින් රූම් එකක්... ඒ වගේම ඕන කෑම බීම ඔක්කොම තියෙනවා.. "
" ඕකේ අගේන් තෑන්ක්ස් ශියෑන්..."
ශියෑන් අපි දෙන්නටම හිනා වෙලා රූම් එකේ දොරත් වහගෙන ගියේ රෑ වෙද්දි හොටෙල් එකෙන් පිට වෙන්න අපිට ලෑස්ති වෙලා ඉන්න කියලා... හ්‍යුන්ග් ලොකු හුස්මක් පහල දාලා දොර ඇතුලෙනුත් ලොක් කරලා මන් ලගින් වාඩි වෙලා මගේ උරහිසින් ඔලුව තියා ගත්තා..
" හ්‍යුන්ග් මට කරන්න පුලුවන් මොනා හරි තියෙනවද "
" හ්ම් "
" කියන්න හ්‍යුන්ග් "
" ඔලුව ටිකක් අතගාන්නකො "
හ්‍යුන්ග් එහෙම කියන ගමන් මගේ උකුලෙන් ඔලුව තියා ගත්තා.... හ්‍යුන්ග් ට මහින්සි පාටයි ... මම එයාගේ ඔලුව අත ගානගමන්ම එයාගේ නලල උඩින් හාදුවක් තිබ්බා... හ්‍යුන්ග් ඒකට ලස්සනට හිනා උනා...
" හොබී.... ඉවසන්න... මම ඔයාව පරිස්සම් කරනවා "
මම දන්නවා හ්‍යුන්ග් .... මට ඉවසන්න දෙයක් නෑ... මේ තමා මගේ ජීවිතේට මට දැනුනු හොදම ෆීලින් එක.... ඒ ඔයා මගේ ලග නිසා... මම මොකුත්ම නොකියා හ්‍යුන්ග් ගේ තොල් වලට බර උනා..... හ්‍යුනුත් ආපිට මාව කිස් කලේ ගොඩක් ආදරෙන්... එයාගේ ආදරේ මට ඕනවටත් වඩා දැනෙනවා.....
විනාඩි කීපයක්ම අපි අපේ තොල් එක්ක සෙල්ලම් කලා... ගොඩක් සියුම්ව... ගොඩක් ආදරෙන්... එකම එක හාදුවකත් මදි නොකියන්න ආදරේ පිරිලා තිබුනා... මට වගේම හ්‍යුන්ග් ටත් ඒක දැනෙන්න ඇති.... අනේ ඉතින් මේ පූස් පැටියා.... මගේ තොල් දෙකත් අල්ලගෙනම නින්ද ගිහින්.... මම හිමින් එයාගෙන් ඈත් වෙලා... සෝෆා එකේ පිටිපස්සට ඇල උනේ... මටත් පොඩි නිදිමතක් දැනුනු නිසා.... උදේට කෑවෙත් නෑ... මට බඩගිනි..... ඒත් හ්‍යුන්ග් ට කරදර කරන්නත් බෑ.... මමත් එහෙම්මම නින්දට වැටුනා...
Author's pov :
මාස ගානක්ම ඈත් වෙලා හිටපු යුන්ගිට අන්තිමට හොබී ගේ ඒ උනුසුම් තුරුල හම්බුනා... මාස ගානක් පුරාවට රැය දවාලක් නැතුව දකින්න පෙරුම්පුරපු හොබීට එයාගේ පූස් හ්‍යුන්ග් ව ආයෙම මුන ගැහුනා... ඒත් හිතුවෙවත් නැති වෙලාවක... හිතුවෙ වත් නැති මොහොතක.... හොබී දැනගෙන හිටියා... යුන්ගි හිතුවක්කාරයි ... දෙයක් ඕන උනොත් ඒක කරලමයි නවතින්නේ... ඒත් හොබී කවදාවත් හිතුවේ නෑ යුන්ගි හොබීව හොයාගෙන එයි කියලා... හොබීවත් අරගෙන මේ හැමෝගෙන්ම හැන්ගෙන්න තරම් ලොකු තීරනයක් ගනී කියලා හොබී නිකමටවත් හිතුවෙ නෑ.... .
" හ්‍යුන්ග් සරන්ග්හේ "
.
.
.
.
.
.
.
.
.අප්ඩේටුවක් දෙන්න හිතුනා...... කෝස් මෙහෙට වහිනවා 😌☔️
කමෙන්ට් එකක් දාගෙන ගියේ නැත්තන් මම ලියන්නෙ නෑ හුම් 😌
__VIMNETH ☔️🌎
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜