^^6^^

291 78 29
                                    

" හොබී... ඔය හා පැටියව අතඇරලා එන්න දැන් කන්න... "

" අනී.... එනවා එනවා අනේ.... හ්‍යුන්ග් එයාටත් බඩගිනි ඇති නේද "

" පිස්සු කෝලම දැන් කන්න දුන්නා විතරයි නේද... කෝ ඉස්සල්ලා එන්න.. ඔයා කාලා ඉන්න... "

හොබී මූනත් අවුල් කරගෙන ගිහින් සාලේ තිබුනූ සෝෆාවෙන් වාඩි උනේ හා පැටියවත් තුරුලු කරගෙනමයි.... තොල් දෙකත් අනිත් පැත්ත පෙරලගෙන බිම බලන් ඉන්න හොබීව දැක්කම යුන්ගිගේ මුලු හිතම පිරිලා ගියා... යුන්ගිට හැමදාම ඕන කලේ මේ වගේ නිදහසක්... හිතේ හැටියට එයාගෙ රෝසමල දිහා බලාගෙන ඉන්න තරමෙ නිදහසක්....

අජුම්මා හදලා ගෙනත් දුන්නු කෑම එකත් අතට අරගෙන හොබී ලගින් වාඩි උනු යුන්ගි හොබී ගේ මූනට එබිලා.... හොබී ගේ තොල් උඩට පොඩි හාදුවක් තිබ්බා... හොබී ගේ කන්දෙකේ ඉදන් කකුල් දෙකට යනකන්ම රත් වෙනවා වගේ දැනුනු නිසා හොබී යුන්ගිගේ උරහිසේ මූන හන්ගගත්තා.....

" අහ්හ්.. මේ මොකො මෙයාට ලැජ්ජා හිතිලා... ම්ම්ම්ම් "

හොබී මොකුත්ම නොකියා තව ටිකක් යුන්ගිට තුරුලු වෙද්දි යුන්ගි හොබීව අරගෙන එයාගේ උකුලෙන් තියා ගත්තා...

" මම හ්‍යුන්ග් ට ආදරෙයි "

" මමත් ආදරෙයි නේ පැටියෝ.. "

" ඒ උනාට ඊට වඩා මම ආදරෙයි හුම්ම්ම් "

" මගෙ පිස්සු කෝලම.. බබාට හිතා ගන්නවත් බැරි තරම් මේ හ්‍යුන්ග් ඔයාට මහ ගොඩක් ආදරෙයි ... හැම වෙලේම කටින් නොකීවට... මට ඕනේ මගේ ආදරේ ඔයාට ගොඩක් දැනෙන්නයි හොබී.... "

හොබී යුන්ගිට තුරුලු වෙද්දි යුන්ගි හොබීටත් කවලා එයත් කාලා... හොබීවත් වඩාගෙනම කාමරේට එක්කන් ගියේ ඒ වෙද්දී නෙල්සන් වලට සීත කාලේ පටන් අරන් තිබුනු නිසා...

" යුන්ගියෝ.... කොරියා වල මොනවා වෙනවද දන්නෙ නෑ.... අපිව එයාලා හොයනවා ඇති... "

යුන්ගි හොබීවත් තුරුලු කර ගන්න ගමන්ම තරම්ක් බැරෑරුම් කල්පනාවකට වැටුනා... නෙල්සන් වලට ආවත් හරි ශියෑන්ව ආයෙමත් යුන්ගිට මුන ගැහුනේ නෑ... ඒත් එයාලට ඕන කරන හැමදෙයක්ම ශියෑන් යුන්ගිලාට එව්වා... යුන්ගි අතේවත් හොබී අතේවත් මේ වෙද්දි ෆෝන් එකක්වත් තිබ්බේ නෑ... ඕන කරන සේරම පනිවිඩ ශියෑන් දුන්නේ එහා ගෙදර අජුම්මට.... ඒ නිසා යුන්ගි නම්ජූන්ලට පොරොන්දු උනාට කතා කරනවා කියලා.. එදා එහෙන් පිටත් උනාට පස්සේ මේ වෙනකන් යුන්ගිට නම්ජූන්ට කතා කරන්න බැරි උනා.... මොකද මේ ගැටලුව ගොඩක් සංකීර්ණ එකක් නිසා....

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now