^^16^^

235 68 12
                                    

මුලු වටපිටාවම එකවරම නිශ්ශබ්ද උනා... යුන්ගිව පහු කරගෙන ගියපු වාහනයත් එතනම නතර උනා.. යුන්ගි හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුවයි... මේ දැන් ටිකකට කලින්... තමන් එක්ක හුරතල් උනු යුන්ගිගේ ආදරේ... දැන් යුන්ගි ගේ ඇස් ඉස්සරහා අතුරුදහන් වෙලා... අඩියක් ඉස්සරහට තියන්නවත් යුන්ගිට පනක් තිබුනේ නෑ...

"හොබී... ඔයා කොහෙද.... අහ්හ් මාව බය කරන්න එපා... ඔයාට මොකුත් උනේ නෑ.... "

යුන්ගිගෙ කටින් සුසුමක් විදිහට වචන ටිකක් පිට උනා... යුන්ගිට පේනවා.. අඩි කීපයක දුරින් හොබී වැටිලා ඉන්නවා.. ඒත් යුන්ගි ගෙ හිත කැමති උනේ නෑ... ඒ හොබී බව පිලිගන්න....

යුන්ගි බලාගෙන හිටියා... හොබී නැගිටලා.. සුපුරුදු හිනාවෙන් යුන්ගි ලගට දුවගෙන එනකන් යුන්ගි බලාගෙන හිටියා... තවත් එතන හිටගෙන හොබී දිහා බලාගෙන ඉන්න එක මෝඩකමක් කියලා දැන දැනම යුන්ගි හිටපු විදිහටම හොබී දිහා බලාගෙන හිටියා..

" නෑ යුන්ගි ... එයාට මොකුත් වෙලා නෑ.. යනවා ..ගිහින් උබෙ මැනිකව අරගෙන වරෙන්"

යුන්ගි එයාටම බැනගෙන එක පාරටම බිම වැතිරිලා හිටපු හොබී ලගට දුවගෙන ගියා..

අඩවන් නෙත්.. මුලු මූන පුරා විහිදිලා තිබුනු ලේ බිදිති.... නලලින් ගලාගෙන යන ලේ .... යුන්ගිගෙ හිත තවත් අඩපණ කලා.... යුන්ගි මේ වගේ දෙයකට කිසිම විදිහකින් සූදානම් වෙලා හිටියෙ නෑ..

තමන්ගෙ ආදරේ ලේ විලක් මැද වැටිලා ඉන්නවා දකින්න කැමති මොන ආදරවන්තයද ? 

" මැනික..... අනේ ... නෑ... මොකුත් වෙලා නෑ.. මේ බලන්න... අපිට තව ටික දුරයි යන්න තියෙන්නේ.... හොබී.. මාව ඇහෙනවා නේද... අද අපේ වෙඩින් එක. .. එපා මට මෙහෙම කරන්න එපා... නැගිටින්නකො.  මං දිහා බලන්නකො... ඔයාගේ හ්‍යුන්ග් දිහා බලන්නකො.... එක පාරක් හිනා වෙන්න.... ඔයා හොදින් කියලා මට කියන්න මගෙ මැනික.... ප්ලීස් ... ඔයාගේ හ්‍යුන්ග් ව තනිකරන්න එපා.. ඔයා... මට පොරොන්දු උනා හොබී.. ප්ලීස්.... "

යුන්ගි ඇඩුවෙ නෑ.. යුන්ගි ඔහේ කියෙව්වා... යුන්ගිට මතක් උනේ මොහොතකට කලින් තමන්ගේ තුරුලේ නිදාගෙන ආපු හොබිව.. යුන්ගි ඒ විදිහටම හොබීව තමන්ගෙ තුරුලට ගත්තේ හොබීගෙ ලෙයින් යුන්ගිගේ  මුලු ඇගම තෙත් වෙද්දි...

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now