^^11^^

240 72 24
                                    

වෙලාව පාන්දර හතරයි..... හොබී හිටියේ ගොඩක් සුවපහසු සාමකාමි නින්දක..... නින්ද සාමකාමි වගේ පෙනුනත් හොබී හිටියේ ලොකු නරක හීනයක් එක්ක සටන් කරන ගමන්...

*හොබී හිටියේ කෑලි කපන්න පුලුවන් ලොකු අදුරක ..... හොබී එයාට පුලුවන් තරමින් හයියෙන් කෑ ගැහුවත්... හොබීට උත්තර දෙන්න කවුරුත්ම හිටියේ නෑ...හොබී එයාට පුලුවන් තරම් හයියෙන් දුවන්න ගත්තා.... කොච්චර වේගෙන් දිව්වත්... ඒ අදුරෙ හොබීට කෙලවරක් හොයාගන්න බැරි උනා .... හොබීට බැරි උනා එතනින් එලියට යන්න විදිහක් හොයා ගන්න..... හොබී බිම දනගහගෙන ඉකිගගහා අඩන්න ගත්තේ යුන්ගිට කතා කරලා.... හොබීට ලාවට දැනුනා පොඩිම පොඩි එලියක් එයාගේ පැත්තට එනවා.... හොබී ඒ එලිය දිහාවට ඇවිදගෙන ගියා .... එන්න එන්නම ඒ එලිය හොබීට ලන් උනා...... හොබී අදුර ගත්තා... ඒ
" යුන්ගි "

හොබී හිටියේ ඇවිදගන්නවත් පන නැතිවෙන තරමට හෙම්බත් වෙලා.. අඩලා අඩලම හොබීගෙ ශක්තිය නැති වෙලා.... යුන්ගිව දැක්ක ගමන්... යුන්ගි ලගට යන්න විතරක් ...එයා ලග පොඩිම පොඩි ශක්තියක් ඉතුරු වෙලා තිබුනා... මොකද හොබී දන්නවා.. යුන්ගි ලග හොබී ආරක්ශිතයි.... ඒත් ඇයි යුන්ගි හොබී ලගට එන්නේ නැත්තේ ? හොබී කොහොම හරි යුන්ගි ලගට ලන් උනා... වැටී වැටි ගිහින් ලන් උනා.... හොබී උත්සහ කලේ යුන්ගිගේ අතින් අල්ල ගන්න..... හොබී කීප සැරයක්ම උත්සහ කලා.. ඒත් හොබීට බැරි උනා යුන්ගිගෙ අත අල්ල ගන්න.... යුන්ගිත් මොකුත්ම නොකර හොබී දිහා බලාගෙන හිටියා...

විනාඩියක්.... නෑ විනාඩි පහක් විතර .... හොබී අඩ අඩ යුන්ගිගේ අතින් අල්ල ගන්න හදද්දි..... ඒක අසාර්ථක වෙද්දි... යුන්ගි කලේ සීතල මූනකින් ඔහේ හොබී දිහා බලාගෙන හිටපු එක විතරයි... හරියට නිකන්... " උබට ඕනේ නම් අල්ලගනින්... තව ටිකකින් මම යනවා " කියන්න වගේ.... හොබීට තේරුම් ගන්න බැරි උනා.. ඇයි යුන්ගි එහෙම කරන්නේ... මෙච්චර දුරක් හොබීව එක්කගෙන ආවේ යුන්ගි.... යුන්ගි කවදාවත් හොබීව අතාරින්නෙ නෑ... ඒත් ඒ මොහොතේ හොබීගේ හීනේ ඇතුලේ හිටපු යුන්ගි.... විනාඩි කිහිපෙකින්...හරි අපූරුවට හොබීව දාලා යන්න ගියා.... ඔව්.... යුන්ගි ගියා.... ඇවිදගන්නවත් පන නැති.. අඩලා අඩලාම හෙම්බත් වෙලා හිටපු හොබීව ඒ අන්දකාරෙම අතරමං කරලා යුන්ගි යන්න ගියා........*

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now