^^ 15 ^^

289 64 21
                                        

ජින් සහ නම්ජූන් හිටියේ නෙල්සන් වල හොටෙල් එකක නැවතිලා.... නම්ජූන් ටිකක් නෙල්සන් වල නැවතිලා ඉන්න තීරණය කලේ මේ ප්‍රශ්න නිසාම ජින්වත් එයාට ටිකෙන් ටික මගඇරිලා තිබුනු නිසා... බැල්කනි එකෙන් රෑ අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටපු නම්ජූන් එක පාරට ගැස්සුනේ සීතල අත් දෙකක් තමන්ගේ ඉන වටේ එතුනු නිසා..

" ජිනී... ඔයා මේ සීතලේ නෑවද.. කෝ බලන්න... කොන්ඩෙ තෙතයි "

" ජුනී ටිකක් මෙහෙම ඉන්න දෙන්නකො.... මට ලොකු අමුත්තක් දැනෙනවා.. "

නම්ජූන් එයාගේ ඉන වටේ තිබුනු ජින්ගේ අත් දෙකෙන් අල්ලලා තමන්ගේ ඉස්සරහට අරගෙන ජින්ව පපුවට තුරුලු කර ගත්තා..

" බය වෙන්න එපා.. මට යුන්ගි ගැන විශ්වාසයි... එයාලට මොකුත් වෙන්නේ නෑ "

නම්ජූන් එහෙම කීවත්.. ජින්ට දැනුනු තිගැස්ම ඒ විදිහටම නම්ජූන්ටත් නොදැනුනා නෙමේ...  ඔහොම ඉද්දි තමයි නම්ජුන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ

" මේ රෑ.. කව්ද ජූන් "

" පොඩි තුන් දෙනා වෙන්න ඇති ජිනි... ඉන්න බලමු "

නම්ජූන් ෆෝන් එක අතට අරගෙන ඒක දිහා බලාගෙන හිටියේ අමුතු විදිහට නලලත් රැලි කරගෙන... ජින්ට නම්ජූන්ගේ වෙනස අදුර ගන්න බැරි උනේ නෑ.. ජින්. නම්ජූන්ගෙන් ෆෝන් එක උදුරගෙන කතා කලා..

" හෙලෝ .. සේජින් හ්‍යුන්ග් මම ජින්.. නම්ජූන් වොශ් දානවා "

" ඔයාලා තාම නෙල්සන් වලද ජින් "

" ඔව්.. හෙට උදේම එනවා "

" එන්න එපා.. පුලුවන් තරම් ඉක්මනට යුන්ගිව හොයා ගන්න එයාලට පරිස්සමින් කියන්න "

" ඇ.. ඇයි.. ම්.. මොකද්ද ප්‍රශ්නේ හ්‍යුන්ග් "

" ඩිරෙක්ටර් සේරම දන්නවා.. එයාගේ ප්ලෑන් එක හොදින් හරි නරකින් හරි එයාලාව මෙතනට එක්කන් එන එක... මියානේ මම දැනුයි සේරම දැන ගත්තේ... "

" හ්.. හරි හරි.. හ්‍යුන්ග් .. මම්.. මම එයාලට කියන්නම්.. නෑ මම නම්ජූන් ට කියන්නම්.. ආශ්ශ්ශ් මම එයාලව හොයා ගන්නම් "

ජින් ෆෝන් එක කට් කලේ ගොඩක් කලබලෙන් .. නම්ජූන් මේ හැමදෙයක් දිහාම සන්සුන්ව බලාගෙන හිටියා... ජින් නම්ජූන්ට කතා කරන්න කට අරිද්දිම නම්ජූන් හිනාවෙලා ජින්ගේ ඔලුව අතගෑවා...

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now