^^17^^

258 70 8
                                    

3' monthes later >

Yoongi's pov :

හොබී නැතුව මගේ ජීවිතේ ගෙවෙන තුන්වෙනි මාසේ.... හිස්තැනක්... ඔව් ඒක හිස්තැනක්.. විස්තර කරන්න බැරි හිස්තැනක්.... හරියට මම ... මින් යුන්ගි.... අවුරුදු ගානක් වැස්සක් හම්බෙනකන් බලාගෙන ඉන්න කාන්තාරේ පතොක් ගහක් වගේ... ඉඩෝරෙට ... රස්නෙට... කාශ්ටකේට කොච්චර හුරු උනත්... මේ යුන්ගි හොබී නැතුව නූල කැඩුනු සරුංගලයක් වගේ.....

ජින් හ්‍යුන්ග් නිසා මට පුලුවන්. උනා මගෙත් හොබීගෙත් ආදරේ ගැන මුලු ලෝකෙටම කෑ ගහලා කියන්න.... ඔව් මම ඒක කලා.. මගෙ එහා පැත්තෙන් මගේ මැනික නැති උනත්.. මම මුලු ලෝකෙටම ඒක කීවා.. හ්‍යුන්ග් කීවා වගේම සමහරුන්ව අපිට නැති උනා... ඒත් නැති උනාටත් වැඩිය පිරිසක් අපිට ආදරේ කරන්න පටන් ගත්තා...
ඒත් ඒ කිසිම දෙයක් මට වැඩක් නෑ. මට ඕනේ මගෙ මැනිකව... මගෙ රෝසමල.... හ්‍යුන්ග් ට පාලුයි....

කල්පනා කර කරම මම හොබීගේ රූම් එක ලගටම ඇවිත් තිබුනා... මම ලොකු හුස්මක් අරගෙන දොරට අත තිබ්බේ හැමදාමත් වගේ හොබීගේ පියවුනු ඇස් මට වේදනාවක් උන නිසා... මාස තුනක් ගිහිල්ලත් මගෙ මැනික තාම ඇදක් උඩ වැතිරිලා ඉන්නවා...

ඇස් දෙකට ආපු කදුලු එහෙම්මම ඇස් දෙකේම හිර කරගෙන මම රූම් එක ඇතුලට ගියා...

Author's pov :

යුන්ගි කාමරේට අඩිය තිබ්බේ මලානික උනු මුහුනකින්... යුන්ගිට හිනාව කියන වචනේ අමතක උනේ හරියටම මාස තුනකට කලින්... ඒ හොබීගේ දීප්තිමත් හිනාව ඒ මූනෙන් අතුරුදහන් වෙනවත් එක්කමයි... යුන්ගි අදත් බලාපොරොත්තු උනේ පාලුවට ගියපු ... කටහඩක් ඇහෙන්නේ නැති කාමරේ නිසලව වැතිරුනු ශරීරයක් විතරයි....

ඒත් යුන්ගිගේ හුස්මත් එක තැන නතර වෙනවා වගේ දැනුනේ මෙච්චර කාලයක් ඇස් දෙක වගේ බලාගත්ත හොබී ඒ ඇද උඩ හිටපු නැති නිසා... යුන්ගි පිස්සුවෙන් වගේ නර්ස්ට කෑ ගැහුවා... තමන්ගේ හිසකෙස් තමන්ගේ අතින්ම ඇද ගන්න ගමන්.. ඇස් දෙක පියාගෙන බිම වාඩි උනෙ තවත් දේවල් දරා ගන්න තරම් යුන්ගි ශක්තිමත් නොවුන නිසයි...

" හ්. .හොබී.... "

යුන්ගිගේ කටින් පිට උනේ එච්චරයි... යුන්ගිට දැනුනා සීතල ඇගිලි යුන්ගිගේ හිසකෙස් අතරේ එහෙ මෙහෙ දුවන විදිහ... හුරුපුරුදු මග ඇරුනු උනුහුමකට තමන් මැදි වෙන විදිහ... යුන්ගි ඉක්මනින් ඇස් ඇරලා බැලුවා... යුන්ගි දැක්කේ තමන් දිහා ලස්සනට හිනා වෙලා බලාගෙන ඉන්න එයාගේ රෝසමලව...

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now